07

E   |     |  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සෑම වසර පහකට (5) වරක් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ලැබේ.

කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර, පාර්මේන්තු විවාද අතරතුරදී පාර්ලිමේන්තුවේ විනය පවත්වාගෙන යාම සහ පාර්ලිමේන්තුව නීති රීති අනුගමනය කරමින් කටයුතු කරන බව සහතික කිරීම කථානායකවරයාගේ වගකීම වේ.

පාර්ලිමේන්තු කාරක සභාවක් යනු පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන මන්ත්‍රීවරන්ගෙන් සමන්විත වන, නීති සමාලෝචනය කිරීම, ගැටළු විමර්ශනය කිරීම සහ රජයේ කාර්යයන් අධීක්ෂණය කිරීම වැනි විශේෂිත කාර්යයන් ඉටුකිරීමේ වගකීම පැවරෙන කණ්ඩායමකි.

පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව කථානායකවරයා විසින් එය අනුමත කිරීමත් සමග එය පනතක් බවට පත්වේ.







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks