E   |     |  

2025 නොවැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබූ දින සංශෝධනය කිරීම
2 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවත්වනු ලබන සිංහල/දෙමළ භාෂා පුහුණු වැඩසටහනෙහි සමාරම්භක උත්සවය     
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම් 


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 අංක 04 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii)    2025 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා               

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
කොළඹ ආරක්ෂක සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ වීම 


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය
ගරු අර්ජුන සුජීව සේනසිංහ මහතා විසින් ඇයට එරෙහිව කරන ලද අපහාසාත්මක ප්‍රකාශය

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 නොවැම්බර් 10 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. 


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (නවවැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1911 ට 2025 නොවැම්බර් මස 19 වැනි බදාදා පැය 0900 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks