07

E   |     |  

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2024 අගෝස්තු මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග

(2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 බලන්න)

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—
(iii) වර්ල්ඩ් ලයි‍ෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ)

(2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 46 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 23 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks