07

E   |     |  

2018-05-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පවත්වන සාකච්ඡා මාලාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා, එක්සත් ජනපදයේ නියෝජිතායතනයෙහි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ වගවීම සවිමත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ එක්ව සාකච්ඡා මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි පළමුවැන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ අනුග්‍රහයෙන් 2018 මැයි මස 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට ප.ව.12.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 2 හි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

පළාත් පාලන මැතිවරණවලදී කාන්තාවන් සඳහා 25% ක ප්‍රතිශතයක් වෙන් කිරීමෙන් උගත් පාඩම්, 2017 අංක 17 දරන පළාත් සභා (සංශෝධන) පනත ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මෑත කාලීන පළාත් පාලන මැතිවරණ අත්දැකීම තුළින් කාන්තා දේශපාලනඥයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය  මෙහිදී සාකච්ඡා කරනු ඇත.

 



සම්බන්ධිත පුවත්

2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග...


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික...

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය...


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...


2024-08-16

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැදිහත් වෙයි

ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් - සුනිත්‍ය බලශක්ති අධිකාරිය කාරක සභාවට දන්වයි. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දෙන අතිරේක...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks