පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-12-04
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
දිවයින පුරා පිහිටි ගංගා 103 ක පවිත්‍රතාව රැක ගැනීම වෙනුවෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේදි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවති පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේවන මෙරට පවතින ගංගා බොහෝමයක් ඉතා ශීඝ්‍ර ලෙස දූෂණය වෙමින් පවතින බවත් මේ නිසා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගංගා හරහා මුහුදට සහ අවට පරිසරයට එක්වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් ගංගා ආරම්භවන ස්ථානවල සිට පවිත්‍රතාවය වෙනුවෙන් අදාළ බලධාරීන්ට නිල වශයෙන් අදාළ වගකීම් ලබා දෙමින් ජනතාවගේද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඉදිරි කාලය තුළ ‘’සුරකිමු ගංගා’’ නමින් ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පොල් ඉඩම් හාරා වැලි ගැනීම සදහා බලපත්‍ර ලබා දීම අත්හිටුවයි
වයඹ පළාතේ පොල් ඉඩම් හාරා වැලි ලබා ගන්නා ව්‍යාපාරයක් මේවන මහා පරිමාණයෙන් සිදුවන බවත් මේ නිසා වටිනා පොල් ඉඩම් ශීඝ්‍ර ලෙස අහිමි වන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය. මෙහිදී මේ ක්‍රියාවලිය සදහා බලපත්‍ර ලබා දීම වහාම අත්හිටුවන ලෙස අමාත්‍යවරයා විසින් භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ බලධාරීන්ට නියෝග කරන ලදී.
මෙහිදී විවිධ දේශපාලන්ගේ නම් භාවිතා කරමින් අම්පාර ප්‍රදේශයේ හැඩ ඔය ආශ්‍රිතව සිදුකරන වැලි ගොඩ දැමීමක් පිළිබඳ ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කළ අතර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමාගේ හෝ වෙනත් දේශපාලඥයන්ගේ නම් භාවිතා කරමින් සිදුකරන වැලි ජාවාරම් පිළිබඳ මීට පෙරත් වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත්ය. එසේම මේ පිළිබඳ වහාම සොයා බලා සතියක් තුළ තමාට වාර්තාවක් ලබා දෙන ලෙස භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරයේ බලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
ගල් , වැලි ප්‍රශ්නය විසඳීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්
මෙම අවස්ථාවට සම්බන්ධ වූ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා වැලි , ගල් ඇතුළු අමුද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය ඉතා අවිධිමත් ජාවාරම්ගතවූ ක්‍රියාවලියක් බවට පත්ව ඇති බවයි. එබැවින් ගල් , වැලි වැනි ගොඩනැගිලි ඉදිකිරීමේ අමුද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය මැටි වැනි අමුද්‍රව්‍යද අතරමැදියන්ගෙන් තොරව ජනතාවට අඩුමිලට ලබා දීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් මේවන විට ‘’ජනාධිපති කාර්ය සාධක බලකායක්’’ ස්ථාපිත කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.
තමන්ද සාමාජිකත්වය දරන එම කාර්ය සාධක බලකායේ වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවත් එය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුවනු ඇති බවත් ජාසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඉදිරියේදී රජය මෙම ගැටලුවට ස්ථිර විසදුම් ලබා දෙන බවත් ඒ අනුව ජාවාරම්කරුවන් වෙනුවට ප්‍රදේශවාසී ජනතාවටත් ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන පරිදී විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද වැල්ලවාය, තනමල්විල, බුත්තල ඇතුළු ප්‍රදේශ රැසක සිදුවන වැලි ජාවාරම් පිළිබඳව මෙහිදී කරුණු රැසක් ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් අනාවරණය කළ අතර වහාම එම කටයුතු කාවකාලිකව නවතා පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ, අජිත් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, රෝහණ දිසානායක, ගුණතිලක රාජපක්ෂ, මංජුලා දිසානායක, වරුණ ලියනගේ, කාදර් මස්තාන්, එස්. ශ්‍රීධරන් ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද රාජ්‍ය නිලධාරීහූද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-07-28
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.
2025-07-28
අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු කාරක සභාවට සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිලධාරීහු දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත් නිරාකරණය නොවූ විගණන විමසුම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම මහත්මීහු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිඑඉසක් සහභාගි වූහ.
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks