පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-12-07
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මෙරට ග්‍රාමීය මූලයන් හි පවතින සැබෑ අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනාගත් ‘වැඩ සමග ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට දියත් කිරීමට නියමිත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී අද ( 07) පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් අදාළ ව්‍යාපෘතිය දියත් කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වූයේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් 72%ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරීමට නම් නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන් ට මුල් තැන දිය යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ යෝජනාවට ප්‍රතිචාර වශයෙනි .
මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා මෙහිදී අදාළ ස්ථාන සම්බන්ධව අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බව කියා සිටියේය. මේ අනුව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ෂෙහාන් සේමසිංහ මහතාගේ ද සහයෝගය සහිතව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා එකඟ විය.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එහිදී මතු කර සිටියේ , පවතින තත්ත්වය අනුව මෙරට සංචාරක කර්මාන්තය අසීරුතාවන්ට මුහුණ පා සිටින බැවින් හැකි ඉක්මනින් ඊට මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ලබාදිය යුතු බවයි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය ගත් පියවර රැසක් සභාවට ලේකම්වරයා විසින් පැහැදිලි කරනු ලැබීය.
ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සහ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් සභාවට පෙන්වා දුන්නේය . ඊට පිළිතුරු දුන් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහයෝගයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ ප්‍රශ්නය කඩිනමින් විසඳීමට නියමිත බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මතු කළ විශ්‍රාම වැටුප් විෂමතාවයන් පිළිබඳව ගැටලුවට විස්තරාත්මකව පිළිතුරු දුන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා කියා සිටියේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට පමණක් රජය වියදම් කරන මුදල රු. ට්‍රිලියන 1.1 ක් වන බවයි . අයවැය යෝජනාවලිය අනුව උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගැනීම ට නියමිත අතර, අඩු ආදායම්ලාභී පවුල්වලින් ද රුපියල් 35,000 වැටුප් ලබන තරුණ තරුණියන් 100,000ක් බදවාගැනීම ද සිදුවන බැවින් ඔවුන්ගේ වැටුප් ද මීට එකතු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී , මෙය ඕනෑම රජයක් විසින් ඉතා අසීරුවෙන් මූල්‍ය කළමනාකරණය කරන අවස්ථාවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඒ කටයුත්ත ඉතා මැනවින් ඉටු කරගෙන යන බව සභාවට දැනුම් දුන්නේය.
අද පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු මෙන්ම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද , මන්ත්‍රීවරු වන ජගත් කුමාර , මහාචාර්ය රංජිත් බණ්ඩාර , ගුණපාල රත්නසේකර , එස්.වියලේන්ද්‍රන් , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ඩබ්.ඩී.වීරසිංහ සහ මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු ද සහභාගීව සිටියහ.
ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් , මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
2025-02-16
පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද (පෙබ. 14) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.එසේම මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.මෙම කාරක සභාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.
2025-02-13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙහිදී පළාත් මට්ටමින් 25% ක කාන්තා නියෝජනයක් ලැබෙන ආකාරයෙන් කාන්තා නියෝජනය වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සංසදය විසින් සාකච්ඡා කරන ලදි. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පවතින නීති සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳවද සංසදයේ අවධානය යොමු විය.එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් පත් කිරීම සම්බන්ධයෙන් සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කළේය.තවද රැකියා ස්ථානයේ ලිංගික හිංසන තුරන් කිරීම සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) තුරන් කිරීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ සැලසුම් පිළිබඳව ද සංසදයේ අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, දීප්ති වාසලගේ, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවේල් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025-02-13
සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක්...උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් - කාරක සභා සභාපති ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය පෙබ. 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද එක්ව සිටියේය.ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, සතොස වෙළඳසැල් ජාලය ඉදිරියේදී පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එම වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකි බව පැවසුවේය. ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බව පැවසුහ. ඒ අනුව පරිභෝගිකයාට වඩාත් පහසුවෙන් පිසීමට හැකිවන පරිදි අදාළ මාළු වර්ග ඇසුරුම් කර ලබාදීමට ද සැලසුම් කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.මෙම රැස්වීමේදී දිවයිනපුරා ධීවර කර්මාන්තය ආශ්‍රිතව පවතින විවිධ ගැටලු පිළිබඳව ගරු මන්ත්‍රීවරයන් විසින් අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. තහනම් දැල් හා ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම , මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පවතින ගැටලු, මෙරට වරායන් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස කාරක සභාව තුළ සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාතේ පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් යොමුකරමින් අවශ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.මේ අතර 2021 වර්ෂය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද කාරක සභාව තුළ සලකා බලා අනුමත කරන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-02-07
අනු කමිටුවේ ප්‍රධානත්වය ගරු නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා නිර්දේශ කළේය.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදු විය.ගරු නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම අනු කාරක සභාව පත්කිරීම සිදු වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්, (නීතීඥ) ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත් සහ මුහම්මද් ෆයිසාල් යන මහත්ම මහත්මීන් මෙම අනු කාරක සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත්කරන ලදී.මෙම අනු කාරක සභාව මගින් රාජ්‍ය සේවයේ පත්කිරීම්, තරඟ විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදුකොට, හඳුනාගන්නා යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබාදීමට නියමිතය.මෙවැනි අනු කාරක සභාවක් පත්කිරීමේ අවශ්‍යතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කළ අතර ඒ අනුව ගරු සභාපතිතුමා විසින් මෙම පත්කිරීම සිදු කරන ලදි.එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2024 වර්ෂයේ පළාත් පාලන ආයතනවල 8,435 දෙනෙකුගේ සේවය ස්ථිර කළ බවයි. එසේම මේ වන විට සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් කරන බවත් ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව 2025 මාර්තු 31 දින ලැබීමට නියමිත බවයි. ඉන්පසු පත්කිරීම් සඳහා අවශ්‍ය වන දත්ත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව එම නිලධාරීහු පැවසූහ. එසේම යම් යම් ව්‍යාපෘති සඳහා බඳවාගත් සේවකයින්ගේ සේවය ස්ථිර කිරීම සිදුනොකරන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.තවද ග්‍රාම නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් වන තරඟ විභාගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks