පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-03-15
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ද්විත්වයක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පසුගිය (11) දා හිමි විය.
මේ සඳහා එකඟතාවය හිමි වූයේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඉඩම් අමාත්‍ය ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මේ අනුව ඉඩම් සංවර්ධන ආඥාපනතේ 155 සහ 156 වගන්ති යටතේ ඉඩම් අමාත්‍යවරයා විසින් පනවනු ලදුව, 2021 ඔක්තෝබර් 28 දිනැති අංක 2251/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට සිදුකරන ලද සංශෝධන ද ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සහ 2022 ජනවාරි 15 දිනැති අංක 2262/50 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට සිදු කරන ලද සංශෝධන ද ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සඳහා මෙසේ එකඟතාවය හිමි විය.
2014 වර්ෂයේදී ඉඩම් සංවර්ධන නියෝග 3හි අ, ආ, ඇ, ඈ, ඡේද මගින් නිර්ණය කර තිබෙන බලපත්‍ර හා දීමනාපත්‍ර නිකුත් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම සහ 1985 වර්ෂයේ ඉඩම් නියෝග 115 මගින්, ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා දීමනාපත්‍රවලට අදාළ ඉඩම්වල අවම බෙදුම් සීමාවන් සංශෝධනය කිරීම මෙම රෙගුලාසි සංශෝධන මගින් සිදුවනු ඇත.
මෙම උපදේශක කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්තීවරුන් වන ගරු අසංක නවරත්න, ගරු ගයන්ත කරුණාතිලක, ගරු මායාදුන්න චින්තක අමල්, ගරු රවුෆ් හකීම්, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු මධුර විතානගේ, ගරු ගීතා කුමාරසිංහ සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-10-27
"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.මේ පිළිබඳ අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ. එමෙන්ම මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීමටත්, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් අදාළ ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙහි පවතින විනිවිද භාවය තහවුරු කල හැකි බව ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ. මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ. මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2025-10-24
2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී. 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025-10-23
සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම විසින් සිදු කරන හදිසි මිලදීගැනීම් සහ වාර්ෂික ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී විශේෂයෙන්ම 2022 වර්ෂයට පෙර පැවති ටෙන්ඩර් පටිපාටිය සහ 2022 වර්ෂයෙන් පසු එම ටෙන්ඩර් පටිපාටියට එක් කළ සංශෝධන සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ අවධානය යොමු වූයේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මේ සඳහා බලශක්ති අමාත්‍යාංශය, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම, ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී 2022 වර්ෂයට පෙර හදිසි මිලදීගැනීම් සිදු වූ ආකාරය සම්බන්ධයෙන් කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසීමෙන් අනතුරුව හදිසි මිලදීගැනීම් සම්බන්ධව සියලු දත්ත ඇතුළත් කොට සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය. එසේම සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම සතුව මේ වන විට පවතින ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් වන දින වකවානු සහ ඉන් අනතුරුව ඉදිරියේදී මිලදීගැනීමට නියමිත ගල් අඟුරු ඇනවුම් ප්‍රමාණය සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුවේදී සාකච්ඡා විය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ජගත් විතාන සහ අසිත නිරෝෂණ එගොඩ විතාන යන මන්ත්‍රීවරු සහභාගී වූහ.
2025-10-23
අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය සම්බන්ධව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ඔක්. 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මේ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී කාරක සභාව අමතමින් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ 2025 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන ඒ ඒ අමාත්‍යාංශ වියදම් කිරීම පිළිබඳ සහ එහි ප්‍රගතිය පිළිබඳ සියලු කරුණු කාරක සභාව විසින් විමසා බලා සකස් කරන ලද වාර්තාවක් පාරිලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව මෙසේ තම කාරක සභාවට අයත් සියලු අමාත්‍යාංශවල කරුණු විමසීම සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ අනුව ඒ ඒ අමාත්‍යාංශවලට අයවැයෙන් වෙන්වූ මුදල් සහ ඒවා වියදම් කිරීමේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තාවන් ලබා දෙන ලෙසද නිර්දේශ කරනු ලැබීය. මෙම කාරක සභාව සඳහා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, සුදත් බලගල්ල, චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, සුජීව සේනසිංහ, උපුල් කිත්සිරි සහ එම්.එස්. උදුමාලෙබ්බේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



