07

E   |     |  

2023-03-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් පත්වෙයි

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් ඊයේ (මාර්තු 08) තේරී පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහීම් මහතා චමල් රාජපක්ෂ මහතාගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මහතා එය ස්ථිර කළේය.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේදී කමිටුවට ඉදිරිපත් වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳ ඉදිරියේදී සලකා බැලීමසම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් මෙම කමිටුවේ සම්බන්ධීකරණයෙන් වැඩමුලුවක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එසේම ආචාරධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය විය.

මෙම කාරකසභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු කණක හේරත්, ගරු අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත කැටගොඩ, ගරු ජී. ජී. පොන්නම්බලම්, ගරු කෝකිලා ගුණවර්ධන සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 10

 



සම්බන්ධිත පුවත්

2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග...


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික...

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය...


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...


2024-08-16

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැදිහත් වෙයි

ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් - සුනිත්‍ය බලශක්ති අධිකාරිය කාරක සභාවට දන්වයි. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දෙන අතිරේක...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks