07

E   |     |  

2024-09-13

පුවත් කාණ්ඩ : පුවත් 

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පසුගිය සැප්. 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (13) සිය සහතිකය සටහන් කළේය.

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත, වෙනත් රටවල අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම, විදේශ නඩු තීන්දු බලාත්මක කිරීමේ ආඥාපනත සහ (94 වන අධිකාරය වූ) නඩු තීන්දු අන්‍යෝන්‍යව බලාත්මක කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා මෙන්ම ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත ලෙස හැදින්වේ.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස හැදින්වේ.

 



සම්බන්ධිත පුවත්

2024-09-11

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද...


2024-09-04

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ...


2024-09-04

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඇත. ශ්‍රී ලංකා...


2024-09-03

ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.09.03

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks