පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-02-17
පුවත් කාණ්ඩ : පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (පෙබ. 17) සිය සහතිකය සටහන් කළේය.
පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 2.00 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වේ.
2025-11-25
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වන අද (නොවැ. 25) විවාදයට ගැණුනු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
2025-11-25
අදාළ කමිටුවේ අවසන් වාර්තාව කථානායකවරයාට භාර දෙයිපාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (නොවැ. 24) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවකට ලිංගික හිංසන සිදුවූවායැයි 2025.01.07 වැනි දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් සභා ගර්භයේදී සිදුකළ කතාවකදී කරුණු දක්වන ලදී. උක්ත කරුණ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලද අතර, එම පරික්ෂණය පිළිබඳ පැමිණිලිකාර පාර්ශවය සෑහීමකට පත් නොවීම හේතුවෙන් අදාළ කරුණ පිළිබඳ බාහිර පරික්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව විසින් 2025.07.25දින තීරණය කරන ලදී. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් උක්ත කරුණට අදාළ සියලු පාර්ශව කැඳවා කරුණු විමර්ශණය කොට මෙම අවසන් වාර්තාව සකස් කොට ඇත. ඊයේ දින ගරු කථානායකවරයාට භාරදී ඇති ඒකී වාර්තාවට අනුව උක්ත පැමිණිල්ල සිදුකරන ලද නිලධාරිනියට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නොමැති බව විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පෙනී යන බව වාර්තාව මගින් නිගමනය කොට තිබේ. තවද එම අංශයේ වෙනත් කිසිදු නිලධාරිනියකට හෝ ලිංගික හිංසන සිදුවී නොමැති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
2025-11-24
2025 ගෝලීය තේමාව - "සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වෙමු" නීති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවධානයක් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා අවශ්‍ය බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසයිපාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීවරියන් වාචිකව හෝ හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග වෙනස් කිරීමට යෝජනාවක් ගරු කථානායකවරයාට භාරදෙන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා වන දින දහසයේ වැඩසටහනට සහය දක්වමින් පාර්ලිමේන්තුව තුළ වැඩසටහන් රැසක් අද (නොවැ. 24) පැවැත්විණි. මේ අනුව ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සිදුවිය.අද දින මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම මන්ත්‍රීවරු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) අනුග්‍රහය සහිතව සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක ගරු අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සිදු කෙරිණි. එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සිදුවිය. දින දහසයේ වැඩසටහන යනු නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට (GBV) එරෙහිව වාර්ෂිකව පැවැත්වෙන ගෝලීය ව්‍යාපාරයකි. එය කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී මානව හිමිකම් දිනයෙන් අවසන් වේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ගෝලීය වශයෙන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ තුරන් කිරීම් සඳහා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග ගැන්වීම සඳහා ශක්තිමත් කිරීමයි.එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද දින දහසයේ වැඩසටහනේ 2025 ගෝලීය තේමාව මගින් අවධාරණය කර ඇත්තේ "සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වන්න" යන්නයි.මෙයට සමගාමීව කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින්, (ආචාර්ය) හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ මෙවර තේමාව වන සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව ඩිජිටල් අවකාශය තුළ සිදුවන හිංසනය අවසන් කිරීම සම්බන්ධයෙන් සියලු දෙනා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. එසේම නීති ප්‍රතිපත්ති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවධානයක් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා අවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය. මෙවර පාර්ලිමේන්තුවේද කාන්තා නියෝජිතයන් ගණන 22 ක් දක්වා වැඩිවීම සාධනීය තත්ත්වයක් බවත් ඒ අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සමාජගත කිරීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්වන ලෙසත් ඇය ඉල්ලීමක් කළාය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ ලෝකයේම කාන්තාවන් මිලියන 315ක් 2024 වසරේදී ලිංගික හිංසනයට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ ද මෙය සිදුවන බවත් විශේෂයෙන් ඩිජිටල් අවකාශය තුළ දේශපාලනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජන ගණන ඉහළ ගොස් ඇති බවත් ඇය පැවසීය. ඒ අනුව උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීවරියන් ද වාචිකව හෝ හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග වෙනස් කිරීමට යෝජනාවක් ගරු කථානායකවරයාට භාරදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය. ඒ අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා පළමු ආදර්ශය උත්තරීතර පාර්ලිමේන්තුව ලෙස රටට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. දේශපාලනයේදී කවර මතවාද දැරුවත් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස ඇය ආරාධනා කළාය.එසේම මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පවසා සිටියේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන (UN women) මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන්, ගැහැණු ළමයින් ඇතුළු සියලු පුද්ගලයන් නිතර විවිධ ආකාරයේ අන්තර්ජාල හිංසනවලට මුහුණ දෙන බව හෙළි වී ඇති බවයි. ඒ අනුව ව්‍යාජ පුද්ගල අනන්‍යතාවයන් නිර්මාණය 36.9% ක් බවත්, අසභ්‍ය තොරතුරු/වීඩියෝ බෙදා හැරීම 36.9% ක් බවත් ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුන් එක් අයෙකු ශාරීරිකව හෝ වාචිකව ලිංගික හිංසනයට පත්වන බවත් එම තත්ත්වය වෙනස් කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය. එසේම මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට එක්වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට (UNFPA) ඇය සිය ස්තූතිය පළ කර සිටියාය.
2025-11-24
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය වන අද (නොවැ. 24) විවාදයට ගැණුනු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks