පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ තවත් පෙත්සම් දෙකක පිටපත් තමන් වෙත ලැබුණු බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් දෙකක පිටපත් තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජුනි 04) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
2025-06-03
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබුණු බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (මැයි 03) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
2025-06-03
නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීම, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී අද (ජුනි 03) සිදු විය. මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් මෙසේ ලබා දීම සිදු වුණි.මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් 12ක් ලබා දීමට කටයුතු කළ බවයි. එසේම අද දිනයේ දී, සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශයන් කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදුන් අතර, ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කමිටුවට ප්‍රකාශ කර සිටියහ. මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟ වූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ අද දින තම පාර්ශ්වය වෙත ලබා දෙන ලෙසයි. පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුවේ මතය වූ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. එසේම දිවුරුම් ප්‍රකාශ 2 ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දෙන ලදි. තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් එය ලබා දීමට කටයුතු කළේය.මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම 9 වැනිදා ප.ව. 2.00 ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදුකිරීමට නියමිතය.
2025-06-02
ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මැයි 25 සිට 31 දක්වා ඉන්දියාවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව, මෙම වැඩසටහන ලෝක් සභා ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය (BPST) විසින් සංවිධානය කරනු ලැබිණි.නියෝජිත පිරිසට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය, සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත් වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්වූහ.මැයි 26 වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති පිළිගැනීමේ උත්සවයක් සහ දැනුවත් කිරීමේ සැසියක් සමඟ වැඩසටහන ආරම්භ විය. අනතුරුව ලෝක් සභාව, රාජ්‍ය සභාව, ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට ද පිරිස එක්වූ අතර ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික හා ඓතිහාසික වැදගත්කම පිළිබඳව එහිදී හදුන්වාදීම සිදු කෙරිණි.ඉන්දියානු පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා පිළිබඳව දැනුවත් කිරීමකට නියෝජිත පිරිස එක්වූහ. ඒකාබද්ධ ලේකම් ශ්‍රී එච්. රාම් ප්‍රකාශ් සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ශ්‍රී මුරලීධරන් පී. විසින් මෙහෙයවන ලද මෙම සැසිය, මූලික මූල්‍ය කාරක සභා, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC) පිළිබඳව හදුන්වා දීම සිදු කෙරිණි. මෙම කාරක සභාව විසින් විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම සිදුකරන අතර මෙම කමිටුවේ කටයුතු මාධ්‍ය සඳහා විවෘත නොවේ.දෙපාර්තමේන්තු සම්බන්ධ ස්ථාවර කාරක සභා (DRSCs) පිළිබඳව සැසිය ගරු හිටපු මන්ත්‍රී සත්‍යපාල් සිං විසින් මෙහෙයවන ලදී. විසර්ජන පනත් කෙටුම්පතට අදාළව අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීම් සම්බන්ධව මෙම කමිටුව විසින් විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. පාර්ලිමේන්තුවේ අසනු ලබන ප්‍රශ්න සහ පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙහෙයවන ලද සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි. එරට ප්‍රශ්න වේලාව තුළ දිනකට ප්‍රශ්න 20 කට අවසර දී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදී. අමාත්‍යවරුන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14 ක දැනුම් දීමේ කාල සීමාවක් ලබා දෙන බවත් පෙ.ව. 10:30 වන විට ලිඛිත පිළිතුරු සභා මේසය මත තැබීම සිදු කරන බවත් මෙහිදී සාකච්ඡා විය.ඉන්දියාවේ ශක්තිමත් අධීක්ෂණ සහ ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීම මෙමගින් සිදුවූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංසන්දනාත්මකව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවිය. මැයි 28 වන බදාදා, දූත පිරිස දිල්ලියේ පිහිටි ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරියේ (Unique Identification Authority of India /UIDAI) මූලස්ථානයට ගියහ. එහි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී බුවනේෂ් කුමාර්, විසින් ඔවුන් පිළිගනු ලැබූ අතර ඉන්දියාවේ ජෛවමිතික හඳුනාගැනීමේ පද්ධතිය වන AADHAAR යටතේ පවතින ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අවබෝධය ලබාදීම මෙහිදී සිදුවිය. ජෛවමිතික සත්‍යාපනය, දත්ත ආරක්ෂාව සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ රාජ්‍ය සේවා සැපයීමේදී AADHAAR ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඇතුළුව එහි මූලික සංරචක පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරියා විස්තර කළේය.සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලෝක් සභාවේ කථානායක ගරු ශ්‍රී ඕම් බිර්ලා මහතා හමුවිය. සාකච්ඡාවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා අවධාරණය කෙරිණි. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම සහ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවයේ අවශ්‍යතාව කථානායකවරයා අවධාරණය කළේය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේදී ඩිජිටල් නවෝත්පාදනයේ පරිවර්තනීය කාර්යභාරය ද මෙම සංවාදයේදී ඉස්මතු විය.නියෝජිත පිරිස, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පර්යේෂණ සහ තොරතුරු පද්ධතිය (Research and Information System for Developing Countries /RIS) නැරඹීමට ගිය අතර එහිදී සංවර්ධන උපාය මාර්ග සහ ගෝලීය සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සචින් චතුර්වේදි මහතා සමඟ සම්බන්ධ විය.සංචාරය අතරතුර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවූ මෙරට දූත පිරිස කලාපීය සහයෝගීතාව, ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව සාකච්ඡා කළහ. මෑතදී පහල්ගම් ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කරමින් ඉන්දියාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළ දූත පිරිස, ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින් සහ සාමය සහ ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය කැපවීම නැවත අවධාරණය කළේය.මැයි 29 වන බ්‍රහස්පතින්දා, නියෝජිත පිරිස අග්‍රා වෙත සංස්කෘතික සංචාරයක් කළ අතර එහිදී ඔවුන් ඓතිහාසික ටජ්මහල සහ රතු කොටුව දැකබලා ගැනීමට එක්වූහ.ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට, මහජන නියෝජිතයන්ට පක්ෂ මාරුවීම් විරෝධී නීතිය, ආණ්ඩුපක්ෂ හා විපක්ෂ සංවිධායකවරුන්ගේ කාර්යභාරය, ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සමඟ අන්තර්ක්‍රියා ආදී සාකච්ඡා ගණනාවක් ඇතුළත් විය.මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩිදියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි.
2025-05-29
3 වැනිදා නීතිපති දෙපාරතමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම9 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළ දිව්රුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය යන දෙපාර්ශ්වයෙන්ම පිළිගැනීම් කිහිපයකට එකඟත්වය හිමි විය.මෙම කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය හිමිවූයේ ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ඊයේ (මැයි 28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම එකඟතාවයකට එළඹිය හැකි පිළිගැනීම් කිහිපයක් ඉදිරිපත් කරන ලදී. මේ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් හබකළ යුතු කරුණු පෙන්වා දෙන ලදි. ඒ අනුව හබකිරීමක් තොර කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මූලික එකඟතාව පළ විය.පසුව චෝදනාවලට අදාළව නීතිපති දෙපාරතමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම එළඹෙන 3 වැනිදා ප.ව. 2.00ට කමිටුව රැස්වී සිදු කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වූ අතර, නීතිපති දෙපාරතමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළ දිව්රුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 9 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණි. ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්න ඇසීම එළඹෙන 11 වැනිදා සහ ඉන්පසු 16 වැනිදා සිට දිනපතා පෙ.ව. 9.30 සිට පරීක්ෂණ කමිටුව රැසුවීමට තීරණය කෙරුණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks