පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-10-16
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.1 ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මෙහිදී පැමිණි නිලධාරීන්ගෙන් විමසීමේදී අනාවරණය වූයේ මෙම නඩු වලට අදාළව එක් නඩුවාරයකට පෙනී සිටීමට නීතීඥයෙක්ට රු. ලක්ෂ 6 ක් ගෙවා ඇති බවයි. නමුත් මෙම නඩුවේ තීන්දුව ලෙස අදාළ මුදල් අධ්‍යක්ෂවරයා සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවීමට අධිකරණයයෙන් නියෝග කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් අධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර කාරක සභාව පෙන්වා දුන්නේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට මෙම කාලසීමාවේ කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි. මේ නිසා මහජන මුදල් අවභාවිත වී ඇති බවද කාරක සභාව පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එසේම අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීමට රු. මිලියන 5.59ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් පිළියෙළ කර තිබුණද එය ඊට අදාළ ඉංජිනේරුවරයෙකු අනුමත කර නොතිබුණු බව කෝප් කාරක සභාව පෙන්වා දෙන ලදි. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම අලුත්වැඩියාකිරීම් සිදු කරන සමයේ අධිකාරිය සතුව ප්‍රමාණවත් මුදල් නොතිබුණු බවත් මේ නිසා කොන්ත්‍රාත්කරුවෙකු සොයාගැනීමට අපහසු වූ බවත්ය. මේ නිසා ඉතා අපහසුවෙන් මෙම මුදලට කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධකර ගැනීමට හැකිවූ බවයි. නමුත් කාරක සභාව පෙන්වා දුන්නේ අඩු මුදලකට කොන්ත්‍රාත්කරුවෙකු සොයාගන්නට සිදු වුවද එය අත්‍යාවශ්‍ය කරුණක් වන බවයි. ඉදිරියේදී එවැනි දේ සිදුනොවීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව උපදෙස් දෙන ලදි.
තවද නව කාර්ය මණ්ඩල සංයුතිය අනුමත කර ගැනීම සම්බන්ධයෙන් සහ පවතින අත්‍යාවශ්‍ය තනතුරු සඳහා වන පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
එසේම කාරක සභාවේ සභාපතිවරයා පෙන්‍වා දුන්නේ පෞද්ගලික අභිලාශයන් සහිතව මෙතෙක් සිටි ප්‍රධානීන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බවත් මේ නිසා ආයතනය ගමන් කළ යුතු නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කොට නැති බවයි. එබැවින් ඉදිරියේදී එම දුර්වලතා මගහරිමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය. තවද ආයතනයේ පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන ලෙසද හෙතෙම නිර්දේශ කළේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්ෂ, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, තිලිණ සමරකෝන්, ධර්මප්‍රිය විජේසිංහ, දිනේෂ් හේමන්ත සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-10-22
නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක් ගෙන ඒවායේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස් කිරීමට පියවර ගන්නා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම සඳහා වන එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 10) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දෙන ලදී.රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ ගෙවීමට පවතින හිඟ මුදල් පිළිබඳ දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බව අනුකමිටුවේ සභාපතිවරිය සඳහන් කළාය. ඒනුව එම තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන් සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ වනවිටලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ගතහැකි පියවරයන් මොනවා ද යන්න විමසීමටද මෙම රැස්වීමේදී තීරණය විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-10-22
2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඊයේ (ඔක්. 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා රජය එය දිගටම භාවිතා කරන බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන ඇත.මෙහිදී අදහස් දැක්වූ නිලධාරීහු ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය තිරසාර, සරල, විනිවිද භාවයෙන් යුත් සහ වෙළඳුන්ට නිවැරදී පුරෝකථනයක් කළ හැකි විය යුතු බව ප්‍රකාශ කළහ. ඒ අනුව මෙයට අනුකූලව, පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙළඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරන ලෙස කාරක සභාව නිර්දේශ කරන ලදී. මෙහිදී කාරක සභාව විසින් යෝජිත තීරුබදු ක්‍රමවල වෙනස්කම්වල බලපෑම පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසත් එයට තීරු හතරේ බදු ක්‍රමයකට (Four- band import duty) මාරුවීම , සහ 2027 සිට 2030 දක්වා පැරා තීරුබදු (SCL සහ CESS) ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ තොරතුරු ඇතුළත් කරමින් 2026 මාර්තු මස අවසන් වන විට යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශවලට නියෝග කරන ලදී.කන්න අනුව පනවන තීරුබදු මත රඳා පැවතීම අඩු කිරීමට ලොකු ළූණු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන නව තාක්ෂණික භාවිතයන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට ව්‍යාපෘතියක් සකස් කරන ලෙසත්, එම ව්‍යාපෘතිය වසර පහක් තුල ලංකාවේ මුළු වගාබිම් ප්‍රමාණය සඳහාම භාවිතාකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. මෙය පසු අස්වනු පාඩු අවම කිරීම සහ ගොවීන් සඳහා මිල ස්ථාවර කිරීම සඳහා "ප්‍රභාෂ්වර" වැනි ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පාලනය කරන ලද ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (buy-back agreements) සහ අනාගත කොන්ත්‍රාත්තු (futures contracts)ඇතුළත් පුළුල් උපාය මාර්ගික කොටසක් විය යුතු බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.තවද, මත්පැන් නිෂ්පාදනය සඳහා තීරුබදු ගෙවීමට අදාළ සුරාබදු ආඥාපනත (52 වන පරිච්ඡේදය) යටතේ ඇති රීති ද, කාරක සභාවේදී සළකා බලා අනුමත කරන ලදී. ඒ අනුඅව නව නීති මගින් දින 30 ඇතුළත අදාල බදු නොගෙවන්නන්ගේ නිෂ්පාදනය නතර කරනු ලබන අතර, දින 90 ඇතුළත සියලුම බෙදාහැරීම් සහ විකුණුම් නතර කරනු ලබන බව නිලධාරීහු පැවසූහ. සුරාබදු පනතෙහි ශක්තිමත් බදු අයකර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් නොගෙවූ ගාස්තු සඳහා දැනට පවතින 3% පොලී දඩ මුදල ප්‍රමාණවත් නොවන බැවින්, මෙය බලාත්මක කිරීමේ වැදගත්කම කාරක සභාව අවධාරනය කරන ලදී.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, නීතිඥ හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නීතිඥ විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පිකා හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙන්ම වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්දිරරාජා මහතා ඇතුළු නිලධාරීන්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-10-17
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ගැසට්පත්‍රයේ සඳහන් මෙම නියෝග ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබාදීම සිදුවිය. මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතු බවයි. මෙම නියාමන කටයුතු 2017 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 දෙසැම්බර් 22 සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වු බව ඒ මහතා පැවසීය. මෙම නියාමන ක්‍රමවේදය ප්‍රකාශයට පත් නොකිරීම මෙම විරෝධයට හේතුවූ බවත් ඒ අනුව 2024 අගෝස්තු මස මෙම නියාමන ක්‍රමවේදය පළ කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ නමුත් එය ද අභියෝගයට ලක් වූ බවත් වෛද්‍ය විජේවික්‍රම මහතා සඳහන් කළේය. ඒ අනුව නැවත 2025 ජූලි 21 වැනිදා අංක 2446/34 ගැසට් පත්‍රය පළ කරන බවත් ඒ මහතා පැවසීය.මිල නියාමන කමිටුවක් මගින් මිල තීරණය කරන බවත් මෙම කමිටුව එක් එක් අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා පැවසුවේ මෙය ප්‍රමාදවූ ගැසට් පත්‍රයක් බවත් ඖෂධ ආනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම නියෝග සකස් කළ බවත්ය. දිවයින පුරා ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය රෝහල්වල පවතින ගැටලු, අඩුපාඩු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ කරුණු මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඒ අනුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයට අයත් ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-10-17
සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නැහැ - කෝප් කමිටුව පෙන්වා දෙයි.කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව පෙන්වා දෙයිභාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා කිහිපයක්.සමාගමේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස සතොස ගොඩනැගිය යුතුයි - කෝප් සභාපති 2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රු. 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ අනාවරණය වූයේ ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී කෝප් කාරක සභාව පෙන්වා දුන්නේ 2014 සහ 2015 වර්ෂවලදී සිදු කර තිබුණු ආනයනික සහල් සඳහා රු. 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණත් එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රු. 11,854,949,124 ක ආදායමක් බවයි. ඒ අනුව දේශීය සහල් වෙළඳපොළ තත්ත්වය, වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර තිබී ඇති බවත් මේ නිසා රු. 15,157,031,018 ක පමණ මෙම පාඩුව සතොස ආයතනයට සිදුවී ඇති බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරීමට භාරදී ඇති බවයි. එසේම සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් පෙන්වා දෙන ලදි. සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවිය යුතු වුවත්, 2020 දෙසැම්බර් 31 දින වන විට ගිවිසුම් 29 ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අත්තිකාරම් මුදල් ලෙස රු. 34,234,996ක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි. මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බව මෙහිදි අනාවරණය විය. තවද කොන්ත්‍රාත් පදනම මත අත්‍යාවශ්‍ය තනතුරු සඳහාද නිලධාරීන් පත් කරගැනීම සිදු කර ඇති බව පෙන්වාදුන් කාරක සභාව මෙම තාවකාලික බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය මේ වන විටත් වටහාගෙන ඇති බැවින් ඉදිරියේදී මෙම පත්වීම් වසර 5ක කාලසීමාවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි. එසේම තාවකාලික පත්වීම් ඇතුළුව තවත් පත්කිරීම් කිහිපයක් සඳහා භාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මෙම තත්ත්වයන් විධිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.මීට අමතරව සමාගමේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය යොමු වූ අතර විශාල වැය බරක් දරා මෙම පද්ධතිය පුළුල් කිරීම සිදු කළද එමගින් ඇතැම් අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි බවද මෙහිදී අනාවරණය විය. මෙම සියලු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාපතිවරයා අවධාරණය කළේ ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස සතොස ගොඩනැගීම සිදු විය යුතු බවයි. ඒ වෙනුවෙන් නිලධාරීන්ගේ කැපවීම බලාපොරොත්තුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, තිලිණ සමරකෝන්, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks