පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-10-17
පුවත් කාණ්ඩ : පුවත්
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (14) පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානාක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් පාර්ලිමේන්තුවේ කුෂාණි රෝහණදීර මහත්මියගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට මෙම අවස්ථාව හිමි විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පැවසුවේ දේශපාලකයෙක් නොව රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීමට රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් අදිටන් කර ගත යුතු බවයි. මන්ද දේශපාලකයා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඡන්ද ලබාගැනීම අරමුණු කළද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අරමුණු කරන්නේ ඉදිරි පරම්පරාවේ යහපත බව හෙතෙම පැවසීය. මේ නිසා රටේ යහපත වෙනුවෙන් රාජ තාන්ත්‍රිකයෙකු වීම වැදගත් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එසේම නීතියට ගරු කරන නීතියට යටින් සිටින අය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව පැවසූ ඒ මහතා දරුවන් වන ඔබ නීතියට ගරු කිරීමට ඉගෙන ගත යුතු බවද ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින්ට පැවසුවේය.
එමෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා, පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳ දරුවන් දැනුවත් කරමින් දේශනයක් ඉදිරිපත් කළේය.
තවද මෙම අවස්ථාවට සම්බන්ධ වූ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කරන ලදි. එසේම ජනාධිපති ජ්‍යෙෂ්ට අතිරේක ලේකම්වරුන් වන චන්දිමා වික්‍රමසිංහ මහත්මිය සහ ජී.ජී.එස්.සී. රොහාන් මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් අදහස් දැක්වීම සිදු කරන ලදි.
අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් පසු කථානායකවරයා පත් කිරීම හා මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ද සිදුවිය. අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් අමාත්‍යවරු අදහස් දැක්වීමෙන් පසු ශිෂ්‍ය පාර්ලිමේන්තුව කල් තැබිණි. එසේම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මීට සමගාමීව සිදු කෙරිණි.
සිසු දරුවන‍්ගේ නායකත්ව කුසලතා වර්ධනය සඳහා මෙම වැඩසටහන ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන බවත් සිසුන්ට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳව සිය කෘතඥතාව පලකරන බවත් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ස්තූති කථාව ඉදිරිපත් කරමින් පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුභවතුන් , දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025-10-23
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා (ඔක්. 21) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුව, පරිසර නීති හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CELP) සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන '' ඉන්දු-ශ්‍රී ලංකා පරිසර නීති සතිය - 2025 '' නිමිති කොටගෙන ක්‍රියාත්මක වන ශාස්ත්‍රීය වැඩසටහන් මාලාවේ එක් වැඩසටහක් ලෙස එම නීති සිසූහු මෙලෙස පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවකට එක්වූහ.පාර්ලිමේන්තුවට පැමිණි මෙම සිසුන්ට ප්‍රථමයෙන්,පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ මග පෙන්වීම යටතේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ සභා ගර්භයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවිය.අනතුරුව, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි. එහිදී ඒ මහතා විසින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලදී . එමෙන්ම එම නීති සිසුන්ට පැවැති ගැටලු ද සාකච්ජා කරන ලදී.මේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයයේ පොදු සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය කෝකිලා ලංකාතිලක කෝනසිංහ මහත්මිය ඇතුළු නීති පීඨයයේ ආචාර්යවරුන්, ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය වී. එස්. ජිජීමන් මහතා ඇතුළු එම විද්‍යාලයේ ආචාර්යවරුන්, දෙරටේ නීති සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා (ඔක්. 21) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුව, පරිසර නීති හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CELP) සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන '' ඉන්දු-ශ්‍රී ලංකා පරිසර නීති සතිය - 2025 '' නිමිති කොටගෙන ක්‍රියාත්මක වන ශාස්ත්‍රීය වැඩසටහන් මාලාවේ එක් වැඩසටහක් ලෙස එම නීති සිසූහු මෙලෙස පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවකට එක්වූහ.පාර්ලිමේන්තුවට පැමිණි මෙම සිසුන්ට ප්‍රථමයෙන්,පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ මග පෙන්වීම යටතේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ සභා ගර්භයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවිය.අනතුරුව, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි. එහිදී ඒ මහතා විසින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලදී . එමෙන්ම එම නීති සිසුන්ට පැවැති ගැටලු ද සාකච්ජා කරන ලදී.මේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයයේ පොදු සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය කෝකිලා ලංකාතිලක කෝනසිංහ මහත්මිය ඇතුළු නීති පීඨයයේ ආචාර්යවරුන්, ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය වී. එස්. ජිජීමන් මහතා ඇතුළු එම විද්‍යාලයේ ආචාර්යවරුන්, දෙරටේ නීති සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-10-22
සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම අද (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබා දීම සිදු කෙරිණි.තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම සිදුවිය. එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.අද දින මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණියහ. එසේම පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් හදුනාගන්නා බවත් ඉන් 3 දෙනෙකු මිය යන බවත් මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍යවරියෝ සඳහන් කළහ. පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි බවත්, ඒ සඳහා වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමේ අවශ්‍යතාවයත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව ඔක්තෝබර් මාසයට පමණක් සීමා නොවී මේ පිළිබඳව දැනුවත් වෙමින් මෙම සමාජ ව්‍යසනය තුරන් කිරීමේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’ නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් වැඩසටහන් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.එසේම පාර්ලිමේන්තුවේ මෙම වැඩසටහනට සමගාමීව සියලුම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලු විදුහල්පතිවරු දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංසදය විසින් ලිඛිතව දැනුම් දී ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.
2025-10-21
ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී, 2025 ඔක්තෝබර් 22 දින, එනම් හෙට දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සුදානම් කර ඇති බව බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී හෙට දින ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, හෙතෙම පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2025-10-21
2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කරනු ලබන “පළිඟු රෑන” වේදිකා නාට්‍යය 2025.10.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) ප.ව. 6.30 ට වේදිකාගත වීමට නියමිතව ඇත.මෙලෙස වේදිකාගත කෙරෙන මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කර ඇත.ශ්‍රී ලංකීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කළ මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇත. චාන්දනී සෙනෙවිරත්න, ක්ෂේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා යන රංගන ශිල්පින්ගේ රංගන දායකත්වයෙන් මෙම නාට්‍ය වේදිකා ගතවනු ඇත. මේ අවස්ථාව සඳහා ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමිය, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා , ගරු අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් තානාපතිවරුන්, ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks