පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා අපරානුමත කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් ඒ සඳහා දැනටමත් කටයුතු ආරම්භ කොට ඇති බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
මාර්තු 8 වැනිදාට යෙදී තිබූ කාන්තා දිනයට සමගාමීව එදින පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් ගෙනෙන ලද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී එහි පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර වැඩ ලෝකයක් සදහා රජය කැපවන බවයි. මේ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සමග පෙර පැවති සාකච්ඡා දෙකකදීම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඒ අනුව වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
2025.03.08 දින ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා පැවති මෙම විවාදයේදී මන්ත්‍රීවරයන් රැසක් ILO 190 සම්මුතියේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූහ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වැඩ ලෝකයකට සැමට තිබෙන අයිතිය හදුනාගනිමින් 2019 ජූනි 21 දින ස්විට්සර්ලන්තයේ ජීනිවාහීදී ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වැනි සැසියේදී වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය සම්මත කරගෙන ඇත.
මෙම සම්මුතිය අපරානුමත කරන සෑම සාමාජිකයෙක්ම වැඩ ලෝකයේ සෑම කෙනෙකුටම ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොරව කටයුතු කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කරන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කැපවී කටයුතු කිරීම තහවුරු කරයි. මෙම සම්මුතිය අපරානුමත කිරීම හරහා ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වැඩ ලෝකයකට රජයේ වගකීම තහවුරු කරන අතර ඉන් නොනැවතී ඊට අදාළ නෛතික බලාත්මක කිරීම සඳහා කටයුතු කළ යුතු බවටත් විවාදයේදී අදහස් පළවිය. මේ අනුව මෙම සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා මෙතෙක් අපරානුමත කිරීමට අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඇතුළු සියලු දෙනාටම එම අවස්ථාව අහිමිව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks