පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ කාර්යයන් සහ අගෝස්තු මාසයේ ලංකාවේදී පැවැත්වීමට නියමිත තරුණ දේශපාලනඥයන් සම්බන්ධ වැඩසටහන පිළිබඳ KAS (Konrad Adenauer Stiftung) ආයතනයේ නියෝජිතයන් දෙදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.05.14 දින පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවති අතර ගරු අමාත්‍යවරිය මෙම සාකච්ඡාව සඳහා මාර්ගගත තාක්ෂණ ඔස්සේ සම්බන්ධ විය. එසේම KAS ආයතනය (Konrad Adenauer Stiftung) නියෝජනය කරමින් එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mortiz Matthias Fink මහතා සහ වැඩසටහන් කළමණාකරු මේඝා ශර්මා මහත්මිය ද සහභාගී වූහ.
මෙහිදී සංසදයේ සභාපතිනිය ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ 2023 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් KAS සමග සම්බන්ධවෙමින් කළ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලැබීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට සුවිශේෂී අවස්ථාවක් බවත් ඒ සඳහා නොමද සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළ KAS ආයතනයට විශේෂ ස්තූතිය මෙම අවස්ථාවේදි පුද කරන බවත් ය. එසේම තවදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පවසා සිටියේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 22ක් නියෝජනය කරන බවත්, තමාද ඇතුළුව ඉන් මන්ත්‍රීවරියන් 20ක් පළමුවරට පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරියන් බවත් පැවසීය. මෙි නිසා නව දැනුම හුවමාරු කරගැනීමට ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සහ KAS ආයතනයෙන් ලැබෙන සහය අගය කරන බවද පැවසීය.
එසේම මෙහිදී අදහස් දක්වමින් KAS ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mortiz Matthias Fink මහතා සඳහන් කළේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිත වැඩසටහන වඩාත් සාර්ථක වැඩසටහනක් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.
තවද මෙහිදී KAS ආයතනයේ වැඩසටහන් කළමණාකරු මේඝා ශර්මා මහත්මිය පැවසුවේ නවවැනි පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමග සහයෝගයෙන් කටයුතු කළ ආකාරයෙන්ම දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමග ද සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම අගය කරන බවයි. එසේම මොංගෝලියාවේ පැවැත්වීමට නියමිත ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික රැස්වීමේ ඉදිරි වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට ආරාධනා කිරීමටත් කටයුතු කරන බව මෙහිදී ඇය පැවසුවාය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න මෙනවිය රැස්වීමේදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේ පළමු රැස්වීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ බවත් එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය සහ එය අවම කිරීම සඳහා වන උපායමාර්ගික ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවත්ය.
මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න මෙනවිය සහභාගී වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ සහ නීතිඥ හිරුණි විජේසිංහ යන මහත්මීහු ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks