පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.06.20 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් තෝරා පත් කිරීමට අදාළව සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල පිළිගත් දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීම, දසවන පාර්ලිමේන්තුව සඳහා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය නැවත පිහිටුවීම, පාර්ලිමේන්තුව තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම, 2024/2027 පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සකච්ඡා කරනු ලැබීය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් සඳහා අවශ්‍ය සහය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සුදානම් බව අසූසා කුබෝටා මිය තවදුරටත් පැවසිය.
මේ අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, අම්බිකා සාමිවෙල් සහභාගී විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks