පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළව මූලික කටයුතු මේවන විට සිදුකර අවසන් බව ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අනාවරණය විය.
මෙම විශේෂ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය.
කාන්තාවන් සඳහා වන ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීම ඇතුළු යාන්ත්‍රණක් ස්ථාපිත කිරීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේදී කොමිසම විසින් ගනු ලැබිය හැකි නෛතික ප්‍රතිපාදන පදනම් කරගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ මහජනතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥයින්, සිවිල් සමාජ සංවිධාන සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානවල අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස විශේෂ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත පිළිබඳ අදහස් ලබාගැනීමට, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ නිල වෙබ් අඩවිවල පළකිරීමට සහ පුවත්පත් දැන්වීම් පළකිරීමටද මෙහිදී තීරණය විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks