පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීමට අදාළව යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට පසුගියදා ලක්විණි.
ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (Sexual and Gender Based Violence (SGBV) 2016-2020 ) විසඳීම සඳහා බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
කමිටුවේදී නව පනත් කෙටුම්පතට අදාළව සාකච්ඡා කරන ලද සියලුම නිර්දේශ සති දෙකක් ඇතුළත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධව පත් කර ඇති විද්වත් කමිටුව වෙත යැවීමට ද මෙහිදී තීරණය විය.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ගීතා කුමාරසිංහ, ගරු. ගරු ඩයනා ගමගේ, ගරු පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු. චන්දිම වීරක්කොඩි, ගරු. එරාන් වික්‍රමරත්න, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks