පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
අද, 2022 ජූනි 18 වන දින, අපි වෛරී කථනයට එරෙහි ප‍්‍රථම ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා. වෛරී කථනය පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවී ඇති නැගී සිටීම සහ ඒ පිළිබඳ දක්වන උනන්දුව හඳුනා ගනිමින්, පසුගිය වසරේ ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මඟින් ”වෛරී කථනයට එරෙහිව අන්තර් ආගමික සහ අන්තර් සංස්කෘතික සංවාදය සහ ඉවසීම ප‍්‍රවර්ධනය කිරීම” පිළිබඳ යෝජනාවක් සම්මත කළේය. යෝජනාව මගින් ජුනි 18 වෛරී කථනයට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.
”වෙනස් කොට සැලකීම, විජාතික භීතිකාව සහ වෛරී කථනය පිටුදැකීමේ ගෝලීය මුලපිරීමේ සන්ධිස්ථානයක් ලෙස අද සනිටුහන් කරයි, පළමු වතාවට, මෙම දිනය සමරන විට, පෙර නොවූ විරූ ලෙස පැතිරී ඇති වෛරී කථන සිදු කිරීම් මඟින් මානව ගරුත්වය, සමානාත්මතාවය සහ සාමය කෙරෙහි ඇති ගෞරවය හෑල්ලූවට ලක් කර ඇති අතර එය ආමන්ත‍්‍රණය කිරීමට අප වැඩි උත්සාහයක් දැරිය යුතුව ඇත යන්න” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ ගරු සභාපතිනි වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
මෙහි සැලකිය යුතු කරුණක් නම්, වෛරී කථනයට එරෙහිවීමේ අවශ්‍යතාවය සහ වගකීම හුදෙක් රජය මත පමණක් නොව පුද්ගලික අංශය, මාධ්‍ය සහ අන්තර්ජාල සමාගම්, ප‍්‍රජා නායකයින්, සිවිල් සමාජයේ ක‍්‍රියාකාරීන් හෝ හුදෙක් පුද්ගලයන් ඇතුළු ක‍්‍රියාකාරීන් රාශියක් මතද පැවරෙයි. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ, සමාජ මාධ්‍ය නිසා අන්තර්ජාලයට පිවිසීමට ප‍්‍රවේශය ඇති ඕනෑම කෙනෙකුට තම හඬ අවදි කිරීමට වේදිකාවක් සලසා දීමත්, ඒ පිළිබඳව දැනුවත්ව වෛරී කථනයට එරෙහිව ක‍්‍රියාශීලී පියවර ගැනීමට සෑම මිනිසෙකුටම සදාචාරාත්මක යුතුකමක් පැවරී ඇති බැවිනි. විශේෂයෙන්ම වර්තමාන අන්තර්ජාලය මත පදනම් වූ ලෝකයේ ඕනෑම අයෙකු වෛරී කථනයේ ඉලක්කයක් විය හැකි බැවින්, එය සැහැල්ලූවට නොතකා, සමාජයේ සෑම කෙනෙකුටම ඉතා අදාළ වන බව සැලකිල්ලට ගත යුතුය. 2021 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් වඩාත් සරලව ප‍්‍රකාශ කළ පරිදි, ”වෛරය සෑම කෙනෙකුටම අනතුරකි – එබැවින් එයට එරෙහිව සටන් කිරීම සෑම කෙනෙකුම කල යුතු දෙයක් විය යුතුය”.
මෙම දිනය කාන්තාවන්ට සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි ප‍්‍රජාවන්ට විශේෂ වැදගත්කමක් දරයි, මන්ද ඔවුන් බොහෝ විට වෛරී කථනයේ ඉලක්කයක් වනු ඇත. මේ සම්බන්ධයෙන් වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ ”වෛරී ප‍්‍රකාශයට එරෙහි ගෝලීය මුලපිරීම පුරුෂ මූලික ක්ෂේත‍්‍රයක නියැලී සිටින කාන්තා දේශපාලඥයින් ලෙස පාර්ලිමේන්තු කාන්තා සංසඳයට විශේෂ වැදගත්කමක් උසුලන අතර, අපගේ කාර්ය භාරය සම්බන්ධයෙන් වගකීමක් මෙන්ම ඒ සඳහා ඉක්මනින් සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවයක් අපට දැනෙන බවයි”.
වෛරී කථනයට එරෙහිව ක‍්‍රියාකිරීමේ ක‍්‍රියාමාර්ග මඟින් ”මත දැක්වීමේ සහ ප‍්‍රකාශනයේ නිදහස” කෙරෙහි ඇති කරන බලපෑම වටා කතිකාවක් ඇති බව පිළිගැනීම වැදගත්ය. භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් වන අතර ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක මුල් ගලක් වේ. එය අනෙකුත් මානව හිමිකම් එනම් සමාගමයේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස යනාදියට සහාය දක්වයි. ”පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ අපට අවශ්‍ය දේ, කිසිඳු ප‍්‍රතිවිපාකයකට මුහුණ නොදී අපට අවශ්‍ය ආකාරයට කිව හැකි පරිසරයක සිට පැමිණ, භාෂණයේ නිදහස කිසිවිටෙක අවියක් ලෙස යොදාගෙන සූරාකෑම නොකළ යුතු බව විශ්වාසයෙන් පැවසීමට මට මෙන්ම පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ අනෙකුත් සාමාජිකයින්ට අත්දැකීම තිබේ. නමුත් යථාර්ථයේ දී එය බොහෝ විට සිදු වන්නේ බිය ගැන්වීම හරහා වෙනත් පාර්ශ්වයක් වාරණය කිරීමේ අදහසින්” බව වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. එබැවින් වෛරී ප‍්‍රකාශයට එරෙහි ක‍්‍රියාමාර්ග භාෂණයේ නිදහස පෝෂණය කිරීමේ මුලපිරීම් ලෙස පිළිගත යුතුය, මන්ද එය කිසිසේත්ම සමාජයේ අන්‍යයන්ගේ අයහපත සඳහා නොසැලකිලිමත් ලෙස භාවිතා කළ හැකි පරම අයිතියක් නොවේ.
”පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරයක් වන අපගේ පිරිමි මන්ත‍්‍රීවරුන් විසින් මන්ත‍්‍රීවරියන්ට වාචික හිරිහැර කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා 2021 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු කාන්තා සංසඳය වෙනුවෙන් කථානායකවරයාට ලිපියක් ලිවීමට මම මූලිකත්වය ගත්තෙමි”, යැයි වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසීය. රට පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කරන ස්ථානයේදීම අසභ්‍ය, යෝජනා සහ අදහස් බොහෝ විට පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකයින් වෙත යොමු වන බව සනාථ කරන ඕනෑ තරම් උදාහරණ තිබේ.
”වෛරී ප‍්‍රකාශ හඳුනා ගැනීම, ආමන්ත‍්‍රණය කිරීම සහ ඊට එරෙහිව කි‍්‍රයාකිරීම සඳහා උපාය මාර්ග සැකසීමට ශ්‍රී ලංකාව තුළ ප‍්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. වෛරී කථනය මැඩලීමේ අපගේ කාර්යභාරය ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් වනුයේ වෛරී කථනය සහ එහි බලපෑම පළමුව අවබෝධ කර ගැනීම සහ ඉන් අනතුරුව වෛරී ප‍්‍රකාශ හඳුනා ගැනීමට, සටන් කිරීමට සහ ඊට එරෙහිව කි‍්‍රයාකිරීම ට යාන්ත‍්‍රණ සැකසීම”, බව වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks