පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප‍්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022 දෙසැම්බර් 3 වන දින, ශ්‍රී ලංකාව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය සමරනු ලැබීය. මෙවර සැමරුම් උත්සවයේ ගෝලීය තේමාව වූයේ ‘ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් සංවර්ධනයක් කරා වෙනස් විසදුම්: ප‍්‍රවේශ විය හැකි සාධාරණ ලෝකයක් කරා පිවිසීමට නව්‍යකරණයේ භූමිකාව’ යන්නයි. එය තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත‍්‍රයේ “කිසිවකුත් මග නොහැරිය යුතුය” යන පොරොන්දුවට අනුකූල වේ. එබැවින්, ආබාධ සහිත තැනැත්තන් ලෝකයේ ‘විශාලතම සුළුතරය’ අතර සිටින බවට සංඛ්‍යාලේඛන මගින් නිගමනය කරන බැවින්, ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් සංවර්ධනය සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ප‍්‍රධාන තේමාව මත පදනම්ව මාතෘකා තුනක් ආවරණය කරන ලදී: රැකියා නියුක්තියේ සිටින ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් සංවර්ධනය සඳහා නවෝත්පාදනය (තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත‍්‍රයේ ඉලක්ක අංක 8) අසමානතාවය අඩු කිරීම උදෙසා ආබාධ සහිත තැනැත්තන්ගේ සංවර්ධනය ඇතුළත් නවෝත්පාදනය (තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත‍්‍රයේ ඉලක්ක අංක 10) සහ ආබාධ සහිත තැනැත්තන්ගේ සංවර්ධනය ඇතුළත් නවෝත්පාදන, උදාහරණයක් ලෙස ක‍්‍රීඩා වැනි ක්ෂේත‍්‍ර.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද අධ්‍යයනයකට අනුව 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන්ගේ සංඛ්‍යාව 1,617,924 කි. මෙම සමීක්ෂණය තවදුරටත් ආබාධ සහිත තැනැත්තන් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට අනුකූලව බෙදා වෙන් කරයි: එය 43% පිරිමින් සහ 57% කාන්තාවන් වේ. ඇත්ත වශයෙන්ම, පෙනීම සහ එහා මෙහා යාම යන දෙකටම අදාළ දුෂ්කරතා ඇති කාන්තාවන්ගේ අනුපාතය පිරිමින්ට වඩා වැඩි විය. පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපතිනිය වන ගරු. වෙද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසූයේ ‘ආබාධිත තැනැත්තන්ගේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන සහයෝගය සහ සම්පත් බලමුලූ ගැන්විය යුතු ප‍්‍රමාණය සහ එහි වැදගත්කම ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික සංඛ්‍යාලේඛන (විශේෂයෙන්ම රැකියා සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය වැනි කේෂ්ත‍්‍ර වල), යාවත්කාලීන කිරීමට පියවර ගැනීම ඉතා වැදගත් වන බවයි ”. ඇය තවදුරටත් සඳහන් කළේ ‘මේ සම්බන්ධයෙන්, වඩා හොඳ ඉලක්කගත මැදිහත්වීම් සඳහා බෙදා වෙන් කළ දත්ත සම්පාදනය කිරීම සහ පවත්වා ගෙන යාම වැදගත් වන බවයි ” .
2017 දී ශ්‍රී ලංකාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ආබාධ සහිත තැනැත්තන්ගේ පවුල් අතර මූල්‍යමය සහ බහුමාන දරිද්‍රතාවය අනෙකුත් පවුල්වලට වඩා ඉහළ මට්ටමක පවතින බවයි. ‘ඕනෑම සමාජයක සැබෑ තත්ත්වය සොයාගත හැක්කේ එම සමාජය තමන්ගේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන්ට සලකන ආකාරය මත බව කියමනට මම දැඩි ලෙස එකඟ වෙමි. එබැවින්, ප‍්‍රතිපත්ති සම්පාදකයින් ලෙස අප ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් සංවර්ධනය සඳහා ලබා දී ඇති ප‍්‍රමුඛතාවය පිළිබඳව නැවත ඇගයීමට ලක් කළ යුතුය. ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් සංවර්ධනය පිළිබඳ කතිකාව ආර්ථික අර්බුදය නිසා ගිලිහී යාමට අප ඉඩ නොතැබිය යුතුය, මන්ද අර්බුදයේ ප‍්‍රතිවිපාක ආබාධිත තැනැත්තන්ට බරපතල ලෙස බලපානු ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් දැනටමත් ආර්ථික වශයෙන් අවාසි සහගත තත්ත්වයට පත්ව සිටින බව” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකා ආචාර්ය ගරු. හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්තිය නීතිය ඉදිරියේ සැමට සමාන ආරක්ෂාවක් සහ වෙනස් කොට සැලකීමෙන් වැළකීම සහතික කරයි. කෙසේ වෙතත්, පුද්ගලයන්ට වෙනස් කොට සැලකීමෙන් වැළකීම සහතික කරන වගන්තිය ආබාධ සහිත තැනැත්තන්ට හෝ ආබාධිත තත්ත්වය මත ඔවුන්ව වෙනස් කොට සැලකීමෙන් වළකින ලෙසට සඳහන් නොකරයි. මෙය සිදුවන්නේ 2016 දී ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCRPD) අනුමත කර ඇති පසුබිමකය. අනෙකුත් වගකීම් අතර, ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි (UNCRPD) 33 වැනි වගන්තිය සාමාජික රටවලට ප‍්‍රවර්ධනය, ආරක්ෂා කිරීම, අධීක්ෂණය සහ ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය භාර ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කරයි.
2021 ජුනි 28 වන දින, පාර්ලිමේන්තු කාන්තා සංසඳය අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ‘ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රතිපත්ති ඇතුළත් සාකච්ජාවක්’ පවත්වන ලදී. “මෙම සංවාදයේදී, පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකයින්ට සහ තේරීම් කාරක සභාවට ‘ආබාධ සහිත ප‍්‍රජාවේ නියෝජිතයන්ගේ ගැටලු වලට සෘජුවම සවන් දීමට අවස්ථාව ලැබුණි ”. ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් සංවර්ධනය ප‍්‍රමුඛ කොට ගෙන කෙටුම්පත් කරන ලද ‘ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත’ සම්මත කර ගැනීම කඩිනම් කිරීමට පියවර ගැනීමට පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවන් වශයෙන් අපි අධිෂ්ඨාන කරගෙන සිටින බව ” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ උප සභාපතිනි රෝහිණී කුමාරි විජේරත්න-කවිරත්න මහත්මිය පැවසීය.
ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් රැකියා වලදී ලැබෙන අවස්ථා වැඩිදියුණු කිරීමට පියවර ගත යුතු ය. පවතින ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කිරීමේදී, විශේෂයෙන් රැකියා වලදී ලැබෙන අවස්ථා හුදෙක් තාක්ෂණික කරුණු සහ හානිකර අගතීන් හේතුවෙන් අවහිර නොකොට විධිමත් ශ‍්‍රම බලකායට තම ශ‍්‍රම දායකත්වය ලබා දිය හැකි සාමාජිකයින් අත්හැරිය නොහැක. රටේ ආර්ථිකයට දායක වීමට සෑම කෙනෙකුටම අවස්ථාව ලබාදිය යුතුය” යන්න සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ මහත්මිය ප‍්‍රකාශ කරන ලදී.
පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකා ගරු. මංජුලා දිසානායක මහත්මිය පැවසූවේ “ආබාධිත තැනැත්තන්ට ලබා දී ඇති නීතිමය ආරක්ෂාව වැඩිදියුණු කළ යුතු අතර, ආබාධ සහිත තැනැත්තන්ට වෙනස්කම් කිරීමකින් තොරව ජීවත් වීමට සහ මනුෂ්‍යයන් ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වන පරිදි සමස්තයක් වශයෙන් ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් රටක් ගොඩනැඟීම සඳහා උත්සාහ කළ යුතුය ”යන්නයි.
පාර්ලිමේන්තු කාන්තා සංසඳය සියල්ල ඇතුළත් ජාතියක් ගොඩනැගීම කෙරෙහි ඇති කැපවීම නැවත අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර, ආර්ථික, සමාජීය හෝ දේශපාලන අභියෝග නොතකා, ආබාධ සහිත තැනැත්තන්ඇතුළත් සංවර්ධනය සඳහා දේශපාලන අභිමතාර්ථය ලබා ගැනීමට සහ සම්පත් බලමුලූ ගැන්වීමේ ප‍්‍රයත්නයන් දිගටම කරගෙන යාමට අධිෂ්ඨාන කර ඇත.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks