07

E   |     |  


එස්. එස්. වි‌ජේසිංහ මහතා

එස්. එස්. වි‌ජේසිංහ මහතා

ශ්‍රී ලංකා පරිපාලනයේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන සෑම් විජේසිංහ මහතා ගැමි පරිසරයක ඉපිද සරල දිවිපෙවෙතක සිට “බල කොරිඩෝව” දක්වා වූ අද්විතීය සුවිසැරියක නිරත වූවෙකි. ඔහු සිය මූලික අධ්‍යාපනය විජය විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලයෙන්, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත් අතර එහිදී ඔහු නායකයෙකු, විද්වතෙක් සහ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුණි. 1944 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු විජේසිංහ මහතා ලංකා නීති විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය හැදෑරූ අතර අධිනීතිඥවරයෙකු ලෙස සුදුසුකම් ලැබීය. ඔහු කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නීතියපති උපාධියක් ලබා ගත්තේය. 1948 දී නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු වසර 15කට අධික කාලයක් ගෞරවනීය නීතිපති දෙපාර්තමේන්තුවේ විශිෂ්ට ලෙස සේවය කළේය. 1964 දී, විජේසිංහ මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් භූමිකාව භාර ගත්තේ, ව්‍යවස්ථාදායක ක්ෂේත්‍රය සමඟ ඔහුගේ කල්පවත්නා ඇසුරේ ආරම්භය සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවේ ජනරජ ව්‍යවස්ථාවේ පදනම සකස් කළ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ලෙස ඔහු කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළේය. 1972 දී, ලංකාව, ශ්‍රී ලංකා ජනරජය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේදී, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයක් පිහිටුවීමත් සමඟ ඔහු පාර්ලිමේන්තුවේ පළමු මහ ලේකම්වරයා ලෙස පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආචාර ධර්ම යළි හැඩගස්වන පරිවර්තනීය ව්‍යවස්ථාදායක ප්‍රයත්නයන් අධීක්‍ෂණය කරමින් දශක දෙකකට ආසන්න කාලයක් විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස අසමසම අභිමානයෙන් හා උද්‍යෝගයෙන් නායකත්වය ලබාදුන්නේය. පාර්ලිමේන්තුවෙන් ඔබ්බට විහිදුණු ඔහුගේ පරාර්ථකාමී ආචාර ධර්ම පෙරදැරිව ශ්‍රී ලංකාවේ පළමු පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) ගේ භූමිකාව හෙබවීම තෙක් පැතිරැණු අතර, එහිදී,ඔහු දශකයක කාලයක් තිස්සේ පරිපාලන වගකීම් සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. පසුව ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කළේය. 2014 දී ගෞරවනීය වයස අවුරුදු 93 දී ඔහු අභාවප්‍රාප්ත වුවද, විජේසිංහ මහතාගේ නාමය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නම් ඉතිහාස පොතෙහි අමරණීයව සටහන්ව ඇත. ඔහුගේ කීර්තිමත් දිවිය අනුස්මරණය කරන මේ අවස්ථාවේ, අපගේ දැයට සහ එහි ජනතාවට සේවය සැපයීමට සහ භාරකාරත්වය දැරීමට යළි-යළිත් කැපවීම මඟින් අපි ඔහු පිළිබඳ මතකයට ගෞරව කරමු.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks