07

E   |     |  



නියෝජ්‍ය කථානායකවරයා සභාපති වූ ද නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත‍්‍රීවරයන් දස දෙනෙකුගෙන් සමන්විත, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් තිබිය යුත්තේ ය.,තේරීම් කාරක සභාව විසින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරමින් අතිරේක මන්ත්‍රීවරයන් ද නම් කරනු ලැබිය හැකි අතර, එවැනි මන්ත්‍රීවරයන් නම් කරනු ලැබීමට කථානායකවරයාට බලය ඇත්තේ ය.,කාරක සභාවේ ගණපූරණය මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් සංයුක්ත විය යුත්තේ ය.,ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කර්තව්‍ය, පාර්ලිමේන්තුව විසින් ඊට සලකා බැලීම පිණිස යොමු කරනු ලබන පනත් කෙටුම්පත්/යෝජිත ප්‍රඥප්තිවලට පමණක් සීමා විය යුත්තේ ය.,ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව විසින් අදාළ කර්තව්‍ය ඉටුකරනු ලැබීම පිණිස යම් යම් අය කැඳවනු ලැබීමට ද, ලියකියවිලි හා පොත්පත් ගෙන්වා ගනු ලැබීමට ද, එම කාරක සභාවට බලය ති‍බිය යුත්තේ ය.,ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සභාපතිවරයාට එක් මූලික ඡන්දයක් තිබිය යුතු අතර, ඡන්ද විමසීමකදී ප‍්‍රකාශ කරන ලද ඡන්ද සමානව බෙදී ඇත්නම් සභාපතිවරයාට තීරක ඡන්දයක් ද තිබිය යුත්තේ ය.,ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලද යම් පනත් කෙටුම්පතක් භාර මන්ත්‍රීවරයා එම ස්ථාවර කාරක සභාවේ සාමාජිකයකු නොවන අවස්ථාවක දී, එම පනත් කෙටුම්පත සාකච්ඡාවට භාජනය වන කවර හෝ රැස්වීමකට පැමිණීමටත්, පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කාරක සභාව ඇමතීමටත්, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැන නගින කිසියම් ප්‍රශ්නයක් මත එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයකු ලෙස සංශෝධන ඉදිරිපත් කරනු ලැබීමටත්, ඡන්දය දීමටත් එම මන්ත්‍රීවරයාට අයිතිය තිබිය යුත්තේ ය.,ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වැඩ පිළිවෙළ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක වැඩ පිළිවෙළට හැකි තාක් දුරට සමාන විය යුතු අතර, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කාර්ය සටහන් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක කාර්ය සටහන්වල ස්වරූපයෙන්ම සකස් කරනු ලැබ අදාළ පනත් කෙටුම්පත/යෝජිත ප්‍රඥප්ති සහ ඒ පිළිබඳ වාර්තාව සමග, යම් කාල සීමාවක් පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබ තිබේ නම්, එම කාල සීමාව තුළදී එම කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුත්තේ ය ,එසේ වුවද, වාරාවසාන කිරීමක් සිදුවන අවස්ථාවක දී, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සාකච්ඡා නිමකර නොමැතිව එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ නොමැති අවස්ථාවක දී, එම කාරක සභාවේ වැඩකටයුතු ඊළඟ සභාවාරයේ දී එකී පනත් කෙටුම්පත/යෝජිත ප්‍රඥප්ති යොමු කරනු ලැබ තිබූ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබිය යුත්තේ ය.,කරුණාකර ස්ථාවර නියෝග අංක 113 බලන්න.


කාරක සභා ලැයිස්තුව

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 2 සභාවාරය  | ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 1 සභාවාරය  | ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks