07

E   |     |  



85(1) (අ) ස්ථාවර නියෝගයේ සඳහන් විධිවිධානය හැර අනෙකුත් අවස්ථාවලදී මහ ලේකම්වරයා හෝ මහ ලේකම්වරයා විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තුවේ වෙනත් යම් නිලධරයකු එක් එක් කාරක සභාවේ ලේකම්වරයා විය යුත්තේ ය., එක් එක් කාරක සභාවක් විසින්, එම කාරක සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන කාල සීමාවක් තුළ යම් කාරණා සම්බන්ධයෙන් විභාගකර එම කාරක සභාවට වාර්තා කිරීම සඳහා සුදුසු යැයි සලකනු ලබන අවස්ථාවකදී, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත අනු කාරක සභා පත් කරනු ලැබිය හැකි ය. එම කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, එම අනු කාරක සභාවල කර්තව්‍යය ඉටු කරනු ලැබීම සඳහා එම අනු කාරක සභා ඉදිරියට යම් තැනැත්තන් කැඳවා ප්‍රශ්න කරනු ලැබීමට ද යම් ලියකියවිලි වාර්තා හෝ ලේඛන ගෙන්වා ගෙන පරීක්ෂා කරනු ලැබීමට ද, ඊට යොමුකර තිබෙන කාරණා පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා තැනින් තැනට යාමටත්, පාර්ලිමේන්තුව යම් කල් තැබීමක් කරනු ලැබ තිබීම නොසලකා රැස්වීම් පවත්වනු ලැබීමටත්, එම අනු කාරක සභාවලට බලය පවරනු ලැබිය හැකි ය., (2) ඡේදය යටතේ පත් කරනු ලබන එක් එක් අනු කාරක සභාවක්ම සභාපතිවරයකු සහ කාරක සභාව විසින් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් අතුරින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුත්තේ ය. එම අනු කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් දෙදෙනකුගෙන් එහි ගණපූරණය සමන්විත විය යුත්තේ ය., කාරක සභාවේ ලේකම්වරයා විසින් නම් කරනු ලබන කාර්ය මණ්ඩලයේ නිලධරයකු, එවැනි සෑම අනු කාරක සභාවක ම ලේකම්වරයා විය යුතු අතර එවැනි සෑම අනුකාරක සභාවක ම කාර්ය සටහන් පිළියෙල කර පවත්වාගෙන යනු ලැබිය යුත්තේ ය., කාරක සභාවක හෝ අනුකාරක සභාවක වාර්තාව සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර සභාපතිවරයා පැමිණ නොසිටින අවස්ථාවකදී සභාපතිවරයා විසින් බලය පවරන ලද කාරක සභාවේ වෙනත් යම් සාමාජික මන්ත්‍රීවරයකු විසින් පිළිගන්වනු ලැබිය යුත්තේ ය., එක් අනු කාරක සභාවක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන කාරක සභාවේ යම් සාමාජික මන්ත්‍රීවරයකු එම කාරක සභාවේම වෙනත් යම් අනුකාරක සභාවක එකම අවස්ථාවක දී, සභාපතිවරයකු වශයෙන් කටයුතු කරනු නොලැබිය යුත්තේ ය.,කාරක සභාවක යම් වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන අවස්ථාවක දී, සති අටක කාල සීමාවක් ඇතුළත දී, එම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා විසින් ප‍්‍රතිචාර දක්වනු ලැබිය යුතු බවට පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය හැකි ය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ එවැනි යම් වාර්තාවක් සම්බන්ධයෙන් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය සභාගත කරනු ලැබිය යුත්තේ ය. අනෙකුත් කාරක සභාවල වාර්තා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයන් විසින් ප‍්‍රතිචාර දක්වනු ලැබිය යුත්තේ ය., යම් කාරක සභාවක් සහ එම කාරක සභාව විසින් පත් කරනු ලැබූ අනු කාරක සභාවක් පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වීම සඳහා කථානායකවරයාගේ අවසරය ලබා ගනු ලැබිය යුත්තේ ය., කථානායකවරයාගේ අනුමතියට යටත්ව කාරක සභාවල නියමයන්ට අනුව තොරතුරු සැපයීම හෝ සංකීර්ණ කාරණා වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා විශේෂඥ දැනුමක් ඇති තැනැත්තන් පත් කරනු ලැබීමට සහ එම තැනැත්තන්ට පාරිශ‍්‍රමික ගෙවනු ලැබීමට එම කාරක සභාවට බලය තිබිය යුත්තේ ය.,සෑම කාරක සභාවක් ම සහ එම කාරක සභාව විසින් ම පත් කරනු ලබන යම් අනු කාරක සභාවකට කාරක සභාව විසින් බලය පවරනු ලැබූ විට, කථානායකවරයාගේ අනුමතිය ඇතිව සිය රැස්වීම් සඳහා පිට අය ඇතුළත් කර ගැනීමට බලය තිබිය යුත්තේ ය. කාරක සභාව හෝ අනුකාරක සභාව විසින් සාකච්ඡා පවත්වනු ලබන අවස්ථාවේ දී, එම අමුත්තන් ඉවත් කරනු ලැබිය හැකි ය.,පිට අය ඇතුළත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය කාරක සභාවේ හෝ අනු කාරක සභාවේ සභාපතිවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ ය.,පාර්ලිමේන්තුවේ ගැලරි සඳහා ආගන්තුකයන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අදාළ රීති කාරක සභාවට හෝ අනු කාරක සභාවකට හෝ පිට අය ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ද අදාළ විය යුත්තේ ය., කාරක සභාවක් හෝ අනු කාරක සභාවක සභාපතිවරයාට, අවස්ථාවෝචිත පරිදි, කාරක සභාවේ හෝ අනු කාරක සභාවේ රැස්වීම්වල විනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් කථානායකවරයාට තිබෙන බලය ම තිබිය යුත්තේ ය


කාරක සභා ලැයිස්තුව

ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන වැඩසටහන් හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | අනු කාරක සභා

කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | අනු කාරක සභා

තේ කර්මාන්තය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | අනු කාරක සභා

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | අනු කාරක සභා

වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බැලීම සඳහා පත් කර ඇති අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | අනු කාරක සභා

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල් මණ්ඩලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බැලීම සඳහා පත් කර ඇති අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | අනු කාරක සභා

2021 වර්ෂය සඳහා වන අය වැයෙන් මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාව සැකසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යටතේ පත්කරන ලද අනු කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 1 සභාවාරය  | අනු කාරක සභා





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks