බලන්න

E   |     |  

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

තේරීම් කාරක සභාව නම් කරන සාමාජිකයන් දස දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ මහජනතාව විසින් යොමු කරන ලදුව පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන පෙත්සම් සලකා බලා ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ තම අදහස් පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමයි. තමන් ඉදිරියට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට හා ප්‍රශ්න කිරීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක්, හෝ වෙනත් ලේඛනයක් ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළ වලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභාවට බලය ඇත.

 

ස්ථාවර නියෝග අනුව මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කරන පිළිවෙල

ස්ථාවර නියෝග 25අ - පෙත්සම්

(1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සෑම ‍පෙත්සමක්ම කථානායකතුමා නමට ඉදිරිපත් කළ යුතු අතර මන්ත්‍රීවරයකු විසින් පිළිගන්වනු ලැබිය යුතුය.
(2) සෑම පෙත්සමක්ම ගෞරවාන්විත භාෂාවෙන් විය යුතු අතර, එහි අදාළ නොවන ප්‍රකාශ අන්තර්ගත නොවිය යුතුය.
(3) සෑම පෙත්සමක්ම පැහැදිලිව කියවිය හැකි විය යුතු අතර, ඉල්ලා සිටිනු ලබන සහනය ප්‍රකාශ කෙරෙන ආයාචනයකින් එය අවසන් විය යුතුය.
(4) අසනීපයක් හේතුවෙන් නොහැකියාවට පත් වූ අවස්ථාවක හැර සෑම පෙත්සමක්ම පෙත්සම්කරු හෝ පෙත්සම්කරුවන් හෝ විසින් අත්සන් කරනු ලැබිය යුතුය. ලිවිය නොහැකි කෙනකු සාක්ෂිකරුවකු ඉදිරියේ තම සළකුණු තැබිය යුතුය. පෙත්සමකට අත්සන් තබන සෑම තැනැත්තකුගේම සම්පූර්ණ නම හා ලිපිනය එහි සඳහන්ව තිබිය යුතුය.
(5) යම් පෙත්සමකට කවර හෝ ලිපි, දිවුරුම් පත්‍ර හෝ වෙනත් ලේඛණ අමුණා නොතිබිය යුතුය.
(6) යම් පෙත්සමක, පාර්ලිමේන්තුවේ කිසිම විවාදයක් පිළිබඳ සඳහනක් නොකළ යුතුය.
(7) තමාගේම පෙත්සමක් පිළිගැන්වීමේ බලය මන්ත්‍රීවරයකුට නොතිබිය යුතුය ; එහෙත් එය වෙනයම් මන්ත්‍රීවරයකු විසින් පිළි‍ගන්වනු ලැබිය හැකිය.
(8) සෑම පෙත්සමක්ම එය පිළිගැන්වීමට පෙර මුලින් එය භාර මන්ත්‍රීවරයා විසින් අත්සන් කරනු ලැබ, යටත් පිරිසෙයින් සම්පූර්ණ දින දෙකක්වත් මහ ලේකම්වරයා වෙත තිබෙන සේ එය ඔහුට භාරදිය යුතුය. ඔහු විසින් එය කථානායකතුමාගේ අනුමතය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතුය. තවද කිසිම පෙත්සමක් එසේ අනුමත කරනු ලබන තුරු නොපිළිගැන්විය යුතුය.
(9) පෙත්සමක් පිළිගන්වනු ලබන මන්ත්‍රීවරයකු විසින් තම ප්‍රකාශය පහත දැක්වෙන ආකෘතියට සීමා කළ යුතුය :-

ගරු කථානායකතුමනි, .............................. (ලිපිනය) පදිංචි .............................. ගෙන් (පෙත්සම්කරුගේ නම) සහ වෙනත් .............................. දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.’

මේ ප්‍රකාශය මත කිසිම විවාදයකට අවසර නොදිය යුතුය.
(10) පෙත්සමක් පාර්ලිමේන්තුවට පිළිගැන්වීමෙන් පසු එය මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත පැවරී තිබිය යුතුය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

ශ්‍යාමා ප්‍රනාන්දු

දුරකථන

0094-11-2777302

ෆැක්ස්

0094-11-2777558

ඊ-මේල් ලිපිනය

shyama_f@parliment.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය

දිනය: 2015-07-26





ආශ්‍රිත තොරතුරු

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ 5 වැනි වාර්තාව (2010.04.22 සිට 2012.12.31)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2014-02-07





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks