පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කැබිනට් මණ්ඩලය මඟින් කිසියම් තනතුරක් සඳහා පත් කරන ලද්දා වූ හෝ කිසියම් නිලයක් දැරීමට නම් කරන ලද්දාවූ ඕනෑම පුද්ගලයෙකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කර බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිදු කරනු ලබයි. දැනට මෙම කාරක සභාව විසින් පහත කාණ්ඩ වලට අයත් නිලධාරීන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කරනු ලබයි.
1) සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු
2) විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල වල ප්‍රධානීන් වශයෙන් පත් කිරීමට යෝජිත පුද්ගලයින්
3) සංස්ථා, මණ්ඩල හා අනෙකුත් රාජ්‍ය ආයතන වල සභාපතිවරු
කාරක සභාවේ ලේකම් වෙත යම් කිසි නම් කිරීමක් ලැබූණු විට එක් එක් නම් කරනු ලැබූ තැනැත්තා විසින් තමන්ගේ පුද්ගලික විස්තර හා වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා නිර්දේශිත ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකිය.
ඉහත පත් කිරීම් සම්බන්ධයෙන් යම් කිසි කරුණු දැන්වීමක් සිදු කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමට මහජනතාවට ඇරයුම් කරමින් භාෂා තුනෙන්ම පුවත්පත් වල දැන්වීම් පළ කිරීමට කාරක සභාවේ ලේකම් පියවර ගනී.
වරින්වර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාවට බලය ඇති අතර පාර්ලිමේන්තුව වාරවසාන කොට ඇති වුවද කාරක සභාව සිය පරීක්ෂණ කටයුතු කරගෙන යා යුතුය.
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට දැන් නවතම තොරතුරු නොලැබෙනු ඇත.
නම
ධම්මික දසනායක
දුරකථන
0094-11-2777228
ෆැක්ස්
0094-11-2777227
ඊ-මේල් ලිපිනය
dhammika_d@parliment.lk
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය
දිනය: 2015-07-26
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks