බලන්න

E   |     |  

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සමන්විත වේ.

30 වැනි ස්ථාවර නියෝගයේ (10) වැනි ඡේදයේ දක්වා ඇති විධිවිධාන යටතේ කාරක සභාවට යොමු කරනු ලබන පෙත්සම් සලකා බැලීම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය වේ.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සංයුක්ත වේ.

 

විමර්ශනය

රජයේ නිලධරයකු හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන අධිකාරියක හෝ එවැනි වෙනත් යම් ආයතනයක නිලධරයකු විසින් සිදු කරන ලද මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් හෝ වෙනත් යම් අසාධාරණයක් යම් පෙත්සමක් මගින් අනාවරණය වන බව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ මතය වන අවස්ථාවක, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් එම පෙත්සම විභාග කරනු ලැබිය හැකිය.

තවද විභාගකොට වාර්තා කරනු ලැබීම සඳහා එවැනි පෙත්සමක් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්) වෙතද යොමු කරනු ලැබිය හැකි ය.

කාරක සභාව විසින් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්වරයා) වෙත යොමු කරනු ලැබූ පෙත්සමක් සම්බන්ධයෙන් ඔහු විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් කාරක සභාව විසින් සලකා බැලීමෙන් අනතුරුව ඒ වාර්තාව පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් හෝ කාරක සභාව විසින් සලකා බලනු ලැබූ පෙත්සමක්  සම්බන්ධයෙන්, ස්වකීය මතය පාර්ලිමේන්තුව  වෙත වාර්තා කරනු ලැබිය හැකි ය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් අවශ්‍ය යැයි සලකනු ලබන විටක, කාරක සභාව විසින් නියම කරනු ලැබිය හැකි පරිදි වූ මහජන පෙත්සම් හෝ වාර්තා සම්බන්ධයෙන් විභාග කරනු ලැබ කාරක සභාවට වාර්තා කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් ම සමන්විත අනු කාරක සභා පත් කරනු ලැබිය හැකි ය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් හෝ එහි යම් අනු කාරක සභාවක් විසින් කාරක සභාවේ කර්තව්‍යය ඉටු කරනු ලැබීම සඳහා, කාරක සභාව ඉදිරියට යම් තැනැත්තකු කැඳවා ප්‍රශ්න කිරීමට ද යම් ලියකියවිලි, පොත්, වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වා පරීක්ෂා කරනු ලැබීමට ද ගබඩා සහ දේපළවලට ප‍්‍රවේශ වීමට ද බලය තිබිය යුත්තේ ය.

 

පාර්ලිමේන්තුවට වාර්තා කිරීම හා පසු විපරම

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලබන වෙනත් නිරීක්ෂණ ද සමඟ ගත යුතු පියවර සම්බන්ධයෙන් සිය මතය, කලින් කලට, පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුත්තේ ය.

වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කළ විට, කථානායකවරයා විසින් එම වාර්තාවේ අන්තර්ගත කරුණු අදාළ වන යම් අමාත්‍යවරයකුගේ නිරීක්ෂණ සඳහා එම අමාත්‍යවරයාට යවනු ලැබීමට පියවර ගනු ලැබිය යුතු අතර, එම අමාත්‍යවරයා විසින් එම නිරීක්ෂණ සති අටක කාල සීමාවක් ඇතුළත දී කථානායකවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

අදාළ යම් අමාත්‍යවරයකුගේ නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව, එම නිරීක්ෂණවල පිටපතක් කථානායකවරයා විසින් කාරක සභාවේ සභාපතිවරයාට සහ පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ මන්ත‍්‍රීවරයාට යොමු කරනු ලැබිය යුත්තේ ය.

[කරුණාකර ස්ථාවර නියෝග අංක 122 බලන්න]

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

එස්.බී. කුළුගම්මන

දුරකථන

0112777302

ෆැක්ස්

0112777558

ඊ-මේල් ලිපිනය

senaka_k@parliament.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය

දිනය: 2020-03-02





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. සිවමෝහන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කනක හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රංජිත් අලුවිහාරේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. සිවමෝහන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කනක හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රංජිත් අලුවිහාරේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. සිවමෝහන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කනක හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රංජිත් අලුවිහාරේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. සිවමෝහන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කනක හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු රංජිත් අලුවිහාරේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. නොපැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks