අයවැය කාරක සභා අවස්ථාවේ වැඩ සටහන සඳහා දිනකට පැය 8ක් පමණ වෙන්කර ඇති අතර, එක් දිනකදී අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයන් පිළිබඳව සාකච්ඡා කිරීමට සිදුවී ඇති හෙයින්, ඒ අනුව එක් වැය ශීර්ෂයක් සඳහා වෙන් කරනු ලැබ ඇත්තේ ආසන්න වශයෙන් පැය 02ක පමණ කාල සීමාවක් වන හෙයින් ද, ඒ අනුව එක් එක් අමාත්‍යාංශය තුළ වැය ශීර්ෂයන් සාකච්ඡා කිරීම සඳහා වෙන්කර ඇති කාලය සීමාසහිත වන හෙයින්ද
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ එකඟත්වය පරිදි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කරන ලද මතු සඳහන් ඇමුණුමේ පරිදි අමාත්‍යාංශ 22 සහ විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.
2. (අ) එම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතුය.
(ආ) ස්ථාවර නියෝග අංක 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මෙම කාරක සභාව ආණ්ඩු පාර්ශ්වයෙන් හා විරුද්ධ පාර්ශ්වයෙන් තෝරාගනු ලබන සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
3. එකී කාරක සභාවට,—
(අ) සිය ගණපූරණය නියම කර ගැනීමට; සහ
(ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට ද;
බලය තිබිය යුතුය.
4. එකී තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්හි කාරක සභා අවස්ථාව ආරම්භ කරන දින හෝ එදිනට පෙර කාරක සභාව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
ඇමුණුම:
1. විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය
(i) යහපාලනය හා යටිතල පහසුකම් අමාත්‍යතුමා
(ii) මානව සම්පත් අමාත්‍යතුමා
(iii) ග්‍රාමීය කටයුතු අමාත්‍යතුමා
(iv) ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා
(v) නාගරික කටයුතු අමාත්‍යතුමා
(vi) සමාජ සුබසාධන අමාත්‍යතුමා
(vii) පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා
(viii) ජාතික සම්පත් අමාත්‍යතුමා
(ix) විද්‍යාත්මක කටයුතු අමාත්‍යතුමා
(x) ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍යතුමා
2. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
3. තැපැල් සේවා අමාත්‍යාංශය
4. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය
5. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය
6. සමාජ සේවා අමාත්‍යාංශය
7. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
8. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
9. පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය
10. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශය
11. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
12. ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය
13. ජාතික උරුමයන් අමාත්‍යාංශය
14. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
15. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය
16. සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය
17. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය
18. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය
19. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය
20. වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
21. සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය
22. උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය
23. විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය
නම
ධම්මික දසනායක
දුරකථන
0094-11-2777228
ෆැක්ස්
0094-11-2777228
ඊ-මේල් ලිපිනය
dhammika_d@parliment.lk
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය
දිනය: 2015-07-26
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
දිනය: 2024-01-10
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 5 වැනි සභාවාරය )
දිනය: 2024-09-04
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
ඉදිරිපත් කළ දිනය - 2014-11-17