පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
512/’18
ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ මහාධිකරණයේ විභාග වූ අංක - එච්. සී./4648/2009 (නීතිපතිගේ අංක - සී. ආර්. - 2/26/2009) නඩුවේ විත්තිකරුවන් කවුරුන්ද;
(ii) එම අධි චෝදනා පත්‍රයේ නගා තිබූ අධි චෝදනා කවරේද;
(iii) එකී අධි චෝදනාවලින් සියලුම විත්තිකරුවන් නිදොස් කිරීමක් කර තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එසේ නිදහස් කළද, නීතිපතිවරයාට නැවතත් චෝදනා නිසි ලෙස සංස්ථාපනය කිරීමට හැකි බව තීන්දුවේ දන්වා තිබේද;
(ii) ඒ අනුව, නීතිපතිවරයා විසින් චෝදනා නිසි ලෙස සංස්ථාපනය කර විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩු පැවරීමක් කරනු ලබන්නේද;
(iii) එසේ නම්, නැවත නඩු පවරනු ලබන්නේ කවර කාලයක් තුළද;
(iv) එසේ නඩු නොපවරන්නේ නම්, එකී තීරණයට අදාළ හේතු පිළිබඳව දැනුවත් කරන්නේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-20
අසන ලද්දේ
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks