E   |     |  

 දිනය: 2018-06-21   පිළිතුර ලබා දී ඇත 

0516/ 2018 - ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 516/’18

      ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත අංශය හා සේවා සැපයීම 2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයට දායකවීමේ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම ප්‍රමාණ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      (iii) 2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයට සේවා අංශයේ දායකත්වය රුපියල් ‍මිලියන කොපමණද;

      (iv) එම සේවා ගණයට අයත් වී ඇති නව සංරචක කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) 2013 සිට 2016 වර්ෂය දක්වා කොටස් වෙළඳපොළ මිල දර්ශකය  වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) ඉහත දර්ශකය තවදුරටත් පහළ යෑම වළක්වා ගැනීම සඳහා 2017 වර්ෂයේ දී කර ඇති යෝජනා කවරේද;

      (iii) 2016 ජනවාරි, ජූනි සහ සැප්තැම්බර් යන මාසවල ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි අගය කවරේද;

      (iv) 2015 සහ 2016 වර්ෂවල පළමු භාගය තුළ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය කවරේද;

      (v) කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය කොපමණද;

      (vi) 2015 සහ 2016 වර්ෂවල රාජ්‍ය අංශයේ හා ස්වයං රැකියාවල නියුක්තවූවන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks