පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
519/’18
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයිනේ ඇති මුළු රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) දිවයිනේ ඇති මුළු ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව කොපමණද;
(iii) 2015, 2016 සහ 2017 වර්ෂවලදී දිවයිනේ ජාතික පාසල් සඳහා බඳවාගත් ගුරුවරුන් සංඛ්‍යාව වර්ෂය අනුව කොපමණද;
(iv) 2015, 2016 සහ 2017 වර්ෂවලදී දිවයිනේ ඇති පළාත් පාසල් සඳහා බඳවාගත් ගුරුවරුන් සංඛ්‍යාව වර්ෂය අනුව කොපමණද;
(v) 2016 වර්ෂයේ පළමු භාගය තුළ බාහිර හා අභ්‍යන්තර ඇගයීම් පද්ධති මඟින් ඇගයීමට ලක් කළ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(vi) 2016 අයවැයෙන් ග්‍රාමීය හා ප්‍රාදේශීය පාසල්වල ගුරු නිල නිවාස/ විවේකාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් වෙන් කළ මුදල කොපමණද;
(vii) එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-05
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks