පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
521/’18
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 අයවැයෙන් වකුගඩු රෝගීන් සඳහා රුධිරය කාන්දු පෙරන යන්ත්‍ර රෝහල්වලට ලබා දීම වෙනුවෙන් වෙන් කළ මුදල කොපමණද;
(ii) 2017 වර්ෂයේ මැද භාගය වනවිට රජයේ රෝහල් වෙත ලබා දුන් රුධිරය කාන්දු පෙරන යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;
(iii) ඉතිරි යන්ත්‍ර ලබා දෙනු ලබන දිනය කවරේද;
(iv) ඒ සඳහා විධිමත් ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;
(v) එසේ නම්, සැපයුම්කරුවන් හා ඔවුන්ගේ මිල ගණන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අත්‍යාවශ්‍ය ඖෂධ රට තුළ නිපදවා ගැනීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2017 වර්ෂයේ වෙන් කළ මුදල කොපමණද;
(ii) ඉහත වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සැලසුම්/ අධ්‍යයනයන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-19
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks