පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
547/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 වර්ෂයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් නිවාස ණය ලබාදීම සඳහා ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නාම ලේඛනයක් යවා තිබේද;
(ii) නොඑසේ නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එවැනි ලේඛනයක් සකස් කර තිබේද;
(iii) එකී ලේඛනයට ඇතුළත් පුද්ගලයන් සියලුදෙනාම පාහේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් පුද්ගලයන් වීම සිදුවූයේ කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එකී පුද්ගලයන්ගේ දේශපාලන පක්ෂපාතීභාවය දැනගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ කේෂ්ත්‍ර නිලධාරින් මාර්ගයෙන් විමසීමක් සිදු කළ හැකි බව පිළිගන්නේද;
(ii) එසේ විමර්ශනයක් සිදු කිරීමට එකඟ වන්නේද;
(iii) නොඑසේ නම්, දේශපාලන පක්ෂපාතීත්වය අනුව නිවාස ණයදීම අනුමත කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-10-26
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks