බලන්න

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

0566/ 2018 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 566/’18

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම ගුරු පුරප්පාඩු පිරවීමට පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;

                 (iii)       අද වනවිට වයඹ පළාතේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර මතභේදයක් මතු වී තිබෙන බව දන්නේද;

      (iv) එම මතභේදය විසඳා පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අදාළ විභාගය පැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පාසල් : ගුරු පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks