E   |     |  

 දිනය: 2010-11-29   පිළිතුර ලබා දී ඇත 

0624/ 2010 - ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0624/’10

      ගරු ආර්. යෝගරාජන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      කොළඹ 12, හුසේනියා මාවත, අංක 45 හි පිහිටි හමීඩ් අල් හුසේනියා විද්‍යාල‍යෙහි බරපතළ ගුරු හිඟයක් පවතින බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)      ඉහත පාසල සඳහා අනුමත වී ඇති එක් එක් විෂය සඳහා වූ සිංහල සහ දෙමළ මාධ්‍ය ගුරුවරු සංඛ්‍යාව කවරේද;

      (ii) එක් එක් විෂය සඳහා එක් එක් මාධ්‍යයෙන් සිටින ගුරුවරු සංඛ්‍යාව කවරේද;

      (iii) එක් එක් විෂය සඳහා එක් එක් මාධ්‍යයෙන් පවතින ගුරු හිඟය කොපමණද;

      (iv) ඉහත සඳහන් ගුරු හිඟයට පිළියම් යෙදීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (v) එම ක්‍රියාමාර්ග ගනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) රාජකීය, ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ගුරු අතිරික්තයක් පවතින බව එතුමා දන්නෙහිද?

      (ඈ) (i) ඉහත (ඇ) කොටසෙහි සඳහන් පාසල්වල සිටින අතිරික්ත ගුරුවරු සංඛ්‍යාව එක් එක් මාධ්‍ය අනුව සහ එක් එක් විෂය අනුව කොපමණද;

      (ii) පවතින පුරප්පාඩු පිරවීම සඳහා මෙම අතිරික්ත ගුරුවරු හමීඩ් අල් හු‍සේනියා විද්‍යාලයට මාරු කිරීම සඳහා පියවර ගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඉ) නොඑසේ නම්, ඒ  මන්ද?

       

අසන ලද දිනය

2010-11-29

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks