E   |     |  

 දිනය: 2010-11-12   පිළිතුර ලබා දී ඇත 

0639/ 2010 - ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0639/’10 ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල කොපමණද; (ii) එම ඉදිකිරීම් සඳහා වෙන්කර ඇති භූමිය හෙක්ටයාර කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) අදාළ ඉදිකිරීම් සදහා එම භූමියෙන් ඉවත් කිරීමට සිදුවන පවුල් සංඛ්‍යාව කොපමණද; (ii) එම පවුල් අතරින් නීත්‍යානුකූල පදිංචිකරුවන් සහ අනවසර පදිංචිකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමේ ක්‍රියාවලියක් පවතීද; (iv) එසේ නම්, ඒ කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) එම ගුවන්තොටුපොළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත වර්ෂය කවරේද; (ii) නව ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසුව එය වාර්ෂිකව පරිහරණය කරනු ඇතැයි අපේක්ෂිත ගුවන් මගීන් සංඛ්‍යාව ‍දළ වශයෙන් කොපමණද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-12

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks