E   |     |  

 දිනය: 2018-10-12   පිළිතුර ලබා දී ඇත 

0952/ 2018 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 952/’18

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වාරිමාර්ග සහ ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වැව් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම වැව්වල නම් එක් එක් මැතිවරණ කොට්ඨාසය අනුව කවරේද;

       

                 (iii)      යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා දිස්ත්‍රික්කයේ දියුණු කරන ලද වැව් හා ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

      (iv) රේඛීය අමාත්‍යාංශය මඟින් වයඹ පළාත් වාරිමාර්ග සංවර්ධනය කිරීමට මෙම වර්ෂය සඳහා රුපියල් මිලියන 400ක් මුදා හැර ඇතත්, අදාළ සංවර්ධන කටයුතු මේ වනතෙක් ආරම්භ කර නොතිබීම හේතුවෙන්, එම මුදල් යළි භාණ්ඩාගාරයට යෑමේ අවදානමක් මතු වී ඇති බව දන්නේද;

      (v) එසේ නම්, එම මුදල් දිස්ත්‍රික්කයේ වැව් සංවර්ධනය සඳහා යොදා ගැනීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-12

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks