පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2187/’17
ගරු ප්‍රසන්න රණතුංග මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගුරුවරුන් නව දැනුමෙන් පෝෂණය කිරීමට ගුරු පුහුණු වැඩසටහන් ඉවහල් වන බව පිළිගන්නේද;
(ii) 2015, 2016 සහ 2017 වර්ෂවලදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප හා විෂය මට්ටමින් ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබුවේද;
(iii) එසේ සංවිධානය කළ ගුරු පුහුණු වැඩසටහන් සංඛ්‍යාව, විෂයයන් හා ඊට වැය වූ මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2016.06.06 දිනට බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් පාසල අනුව කොපමණද;
(ii) 2015, 2016 සහ 2017 වර්ෂවලදී ඔවුන් පුහුණු කිරීමට පවත්වා ඇති වැඩසටහන් සංඛ්‍යාව සහ ඊට වැය වූ මුදල, එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ සඳහා වෙන්කළ මුදල හා ක්‍රියාත්මක කළ ගුරු පුහුණු වැඩසටහන් සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද;
(iv) ගුරු පුහුණු වැඩසටහන්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විමධ්‍යගත අරමුදලින් ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි බව දන්නේද;
(v) ජාතික අවශ්‍යතාවයක් සේ සලකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විමධ්‍යගත අරමුදලින් ගුරු පුහුණු වැඩසටහන්වලට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකිවන පරිදි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-17
අසන ලද්දේ
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks