E   |     |  

 දිනය: 2018-09-21   පිළිතුර ලබා දී ඇත 

0970/ 2018 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 970/’18

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කලාවැව රෝහල මේ වනවිට උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇති බවත්;

                   (ii)       දැනට ක්‍රියාත්මක කලාවැව පානීය ජල ව්‍යාපෘතිය, කලාවැව රෝහලට මීටර් 500ක් තිබියදී නතර වී ඇති බවත්;

      (iii) මෙම මීටර් 500 දීර්ඝ කිරීමෙන් කලාවැව රෝහලට මෙන්ම, රෝහලෙන් එපිට ඇති බළලුවැව, දික්ඇදියාය, කරවිලගල සහ නෑගම යන ගම්මානවල ජීවත්වන ජනතාවටත් පානීය ජලය සැපයිය හැකි බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එසේ නම්, මෙම ජල ව්‍යාපෘතිය දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-09-21

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks