පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1116/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ස්ථානවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම ස්ථාන සඳහා 2015 වර්ෂයේ සිට බඳවා ගත්,
(i) ස්ථීර සේවකයන් සංඛ්‍යාව;
(ii) අනියම් සේවකයන් සංඛ්‍යාව;
(iii) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන් සංඛ්‍යාව;
(iv) අනියම් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කරගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;
(v) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කර ගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;
එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම බඳවාගැනීම් රජය විසින් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදුකර තිබේද;
(ii) මේ වනවිට පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-20
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks