E   |     |  

 දිනය: 2018-09-07   පිළිතුර ලබා දී ඇත 

1126/ 2018 - ගරු විමල් වීරවංශ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1126/’18

      ගරු විමල් වීරවංශ මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ජාතික ලේඛනාගාරයේ සියලු ප්‍රධාන අංශයන් අධීක්ෂණය කිරීම,  එහි අධ්‍යක්ෂ ජනරාල්, මාණ්ඩලික නිලධාරි සහ ඒ සම්බන්ධයෙන් වගකීම් දරන උපාධිධාරි නිලධාරියකුගෙන් සමන්විත ක්‍රමවත් යාන්ත්‍රණයක් මඟින් සිදු කිරීම මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය වුවද,  එම ක්‍රමය වෙනස් කර ලේඛනාගාරයේ ඇති රහස්‍ය ලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම එහි වත්මන් අධ්‍යක්ෂක ජනරාල්වරිය තමා වෙත පමණක් පවරාගෙන තිබේද;

      (ii) එසේ නම්, එයට හේතුව කවරේද;

      (iii) රාජ්‍ය සේවය පිළිබඳ රහස්‍ය ලේඛන ආරක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම පිළිබඳ කිසිදු පූර්ව අත්දැකීමක් හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති එම අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ තනතුරට පත් කර ඇත්තේ කවර සුදුසුකම් මතද;

      (iv) ආයතනික ක්‍රියාවලිය, විශේෂයෙන් රහස්‍ය ලේඛන පිළිබඳ වගකීම එසේ තනි පුද්ගලයකු විසින් පවරාගැනීමේ අවදානම් සහගත තීරණය, පිළිගත් ආයතනික ක්‍රමවේදයන්ට පටහැනි නොවන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, එ මන්ද?

       

අසන ලද දිනය

2018-09-07

අසන ලද්දේ

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks