පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1127/’18
ගරු නිහාල් ගලප්පත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 වර්ෂයේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සියලුම ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර මුදල් ලබාදෙන්නේද;
(ii) එක් ශිෂ්‍යයෙකුට මසකට ලබාදෙන ශිෂ්‍යාධාර මුදල කොපමණද;
(iii) ශිෂ්‍යාධාර ලබාදීම සඳහා මසකට වැයවන මුළු මුදල කොපමණද;
(iv) 2016 වර්ෂයට අදාළ ශිෂ්‍යාධාර මුදල් ගෙවා තිබේද;
(v) 2017 වර්ෂයේ කවර මාසය දක්වා ශිෂ්‍යාධාර මුදල් ගෙවා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට අමතරව වෙනත් සුදුසුකම් අවශ්‍ය වන්නේද;
(ii) එසේ නම්, එම සුදුසුකම් කවරේද;
(iii) එම සුදුසුකම්වලට අදාළ නිර්ණායක සකස් කර ඇති වර්ෂය කවරේද;
(iv) අතිරේක සුදුසුකම් නොසළකා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ශිෂ්‍යයන් සියලු දෙනාට ශිෂ්‍යාධාර මුදල් ලබාදීමට කටයුතු කරන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-20
අසන ලද්දේ
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks