E   |     |  

 දිනය: 2018-10-11   පිළිතුර ලබා දී ඇත 

1143/ 2018 - ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1143/’18

       ගරු මුහම්මදු නසීර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික   කටයුතු                   අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, “සී” කලාපයේ, සඳුන්පුර කොට්ඨාසයට අයත් අංක 142-1 මාවනාගම ග්‍රාම නිලධාරි වසමේ, මායිම් ගල්දමුගොඩ නමැති  ඉඩමේ වසර ගණනාවක් සිට ස්ථීර ලෙස පදිංචි වී සිටින පවුල්වල ගෘහමූලිකයන් පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;

      (ii) එම ඉඩම්වල ජීවනෝපාය මාර්ග ලෙස ගොවිතැන් කරමින් සිටින පදිංචිකරුවන් සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නීත්‍යානුකූල ලෙස ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමට අපේක්ෂා කරනු ලබන නිශ්චිත දිනය කවරේද; 

      (iii) අංක 279, 228, 229, 282, 283, 280, 300, 290, 341, 323, 334, 133, 143, 275, 366, 302, 390, 281, 292, 318 හා 289 යන ඉඩම් කොටස් ඇතුළුව අනිකුත් ඉඩම් කොටස්වල දීර්ඝ කාලයක් පදිංචි වී ගොවිතැන් කරමින් සිටින පිරිසට ඉඩම් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-11

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks