E   |     |  

 දිනය: 2019-06-21   පිළිතුර ලබා දී ඇත 

0089/ 2019 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 89/’18

      ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනයට අවශ්‍ය ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;

                   (ii)      එම ප්‍රමාණයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය කොපමණද;

      (iii) දේශීය වශයෙන් ලොකු ලූණු වගා කරනු ලබන ප්‍රදේශ කවරේද;

      (iv) ලොකු ලූණු  වගා කරන ගොවීන් සංඛ්‍යාව කොපමණද;‍

      (v) ලොකු ලූණු වගා බිම් ප්‍රමාණය කොපමණද;

        (vi) 2015 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික ලොකු ලූණු අස්වනු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ලොකු ලූණු ගොවීන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇති සහන කවරේද;

                  (ii) ලොකු ලූණු වගාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-21

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලොකු ලූණු වගාව : විස්තර

පිළිතුරු දුන් දිනය

2019-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks