E   |     |  

 දිනය: 2019-09-06   පිළිතුර ලබා දී ඇත 

0105/ 2019 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 105/’18

      ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2018 ජූනි 11හෝ ඊට  ආසන්න දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපාන ලද තද සුළං තත්ත්වය හේතුවෙන් හානි සිදු වූ නිවාස සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

      (iii) හානි වූ ජීවිත සංඛ්‍යාව කොපමණද;

      (iv) විනාශ වූ දේපළවල වටිනාකම කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) අදාළ දේපළ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන කොපමණද;

      (ii) එම ප්‍රතිපාදන නියමිත පරිදි ලබා දී තිබේද;

      (iii) හානි වූ ජීවිත වෙනුවෙන් වන්දි ලබා දී තිබේද;

      (iv) එසේ නම්, එම වන්දි මුදල කොපමණද;

      (v) කිසිදු වන්දියක් ලබා දී නොමැති නිවාස තිබේද;

       (vi) එසේ නම්, එයට හේතු කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2018 තද සුළඟින් සිදු වූ හානි : කුරුණෑගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2019-09-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks