E   |     |  

 දිනය: 2019-09-19   පිළිතුර ලබා දී ඇත 

0106/ 2019 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 106/’18

      ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2015 වර්ෂයේ සිට මේ දක්වා,

                    (i)       මිය ගොස් ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව;

                   (ii)       වකුගඩු රෝගයට ගොදුරු වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව;

                  (iii)       සිදු කර ඇති වකුගඩු බද්ධ කිරීම් සංඛ්‍යාව;

      එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) වකුගඩු රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ කවරේද;

      (ii) වකුගඩු රෝගය සඳහා කෘෂි රසායන භාවිතය හේතු වී තිබේ නම්, එම රෝගය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

      (iii) එසේ නම්, එම වැඩපිළිවෙළ සභාගත කරන්නේද;

      (iv) වකුගඩු රෝග පාලනයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කර තිබේද;

      (v) එසේ නම්, එම ජාතික ප්‍රතිපත්තිය  සභාගත කරන්නේද;

      (vi) වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය ‍ඖෂධ රෝහල්වල අවශ්‍ය තරම් පවතීද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-19

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2019-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks