E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0226/ 2019 - ගරු විජිත හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 226/’18

      ගරු විජිත හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      සීමාසහිත ලංකා සතොස සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය අනුව එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු අයත් වන්නේද;

      (ii) එම සමාගමේ අනුමත කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ තනතුරක් තිබේද;

       

       

      (iii) 2010.01.10 සිට 2015.01.10 දක්වා කාලසීමාව තුළ එම සමාගමේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු වශයෙන් කිසියම් අයෙකු කටයුතු කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) සීමාසහිත ලංකා සතොස සමාගම ස්ථාපනය කරන අවස්ථාවේ එහි කොටස් හිමියන්ගේ නම් කවරේද;

      (ii) එම සමාගමේ ආරම්භයේ සිට 2015.01.10 දින දක්වා කාලය තුළ මහා භාණ්ඩාගාරයේ ලේකම් නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ නිලධාරින්ගේ නම් සහ තනතුරු කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks