පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
227/’18
ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වත්තල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද ගල්උඩුපිට රජයේ ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල කොපමණද;
(ii) එම ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ කුමන කටයුත්තක් සඳහාද;
(iii) එම ප්‍රදේශයේ දරුවන් ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කරන ලද අදාළ භූමියෙහි ගොඩනැගිල්ල ඉදිකිරීම විද්‍යාත්මක පදනමක් මත නිමකර තිබේද;
(iv) එකී ගොඩනැගිල්ලේ වැඩ කටයුතු මේ වනවිට නිම කර ඇතත්, කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) මේ වනවිට අදාළ ගොඩනැගිල්ල එක් පැත්තකට ඇලවීමට ලක්වී ඇති බවත්, දොර ජනෙල් හා අනෙකුත් වටිනා දෑ ගලවා ගෙන ගොස් ඇති බවත් දන්නේද;
(vi) එම ගොඩනැගිල්ල මේ වනවිට වල් බිහි වී ඇති තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-06
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
වත්තල, ගල්උඩුපිට ඉදි කළ රජයේ ගොඩනැගිල්ල: භාවිත නොකිරීම
පිළිතුරු දුන් දිනය
2019-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks