E   |     |  

 දිනය: 2019-02-07   පිළිතුර ලබා දී ඇත 

0322/ 2019 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 322/’18

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ඉ‍පලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 492 - අමුණුවැටිය ග්‍රාම නිලධාරි වසමේ, කලාවැව කුඹුරුයාය මැදින් අලහප්පෙරුමගම දක්වා දිවෙන කෘෂි මාර්ගය ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත්;

      (ii) ගොවීන් 1000 ක් පමණ තමන්ගේ එදිනෙදා කටයුතු සිදු කිරීමට මෙම මාර්ගය යොදා ගන්නා අතර අස්වනු නෙලන සමයේ දී ඔවුන් තම අස්වැන්න මෙම කෘෂි මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමේදී බොහෝ දුෂ්කරතාවන්ට ලක්වන බවත්;

      (iii) මෙම මාර්ගය අවුරුදු 30 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම මාර්ගය මේ වනතෙක් ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතුව කවරේද;

      (ii) මේ සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (iii) එම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-07

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉ‍පලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලහප්පෙරුමගම දක්වා දිවෙන කෘෂි මාර්ගය: ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2019-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks