පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
355/’18
ගරු මුහම්මදු නසීර් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “විශ්‍රාම වැටුප් සහිත සේවාවල වසර 10කට වඩා අඩු සේවා කාලයක් ඇති, එහෙත් අනියම් හා තාවකාලික සේවා කාලයක්ද සමඟ වසර 10කට වඩා වැඩි සේවයක් ඇති කම්කරුවන්ට විශ්‍රාම වැටුප් හිමිකම පිරිනැමීම” යන මැයෙන් වූ අංක 94/550/018 හා 1994.05.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එවකට වසා දමන ලද පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලේවැල්ල බලවේග පෙහෙකම්හලේ, තලාතුඔය මධ්‍යස්ථානයේ වැද්දුම්කරු තනතුරේ සේවය කළ දන්තුරේ, සියඹලාගොඩ, කොබෝඅංග, අංක 1/බී, දරන ස්ථානයේ පදිංචි එම්. ජී. ආර්. සමරසිංහ මහතාට මෙතෙක් විශ්‍රාම වැටුප් පිරිනැමීම සිදුවී නොමැති බව දන්නේද;
(ii) 1975.10.20 දින සිට අදාළ ආයතනය වසා දැමීමේ කාලය දක්වා සේවයේ යෙදී සිටි ඔහුට අනියම් හා තාවකාලික සේවා කාලය ද සැලකිල්ලට ගෙන විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
එම්.ජී.ආර්. සමරසිංහ මහතා: විශ්‍රාම වැටුප් හිමිකම
පිළිතුරු දුන් දිනය
2019-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බුද්ධික පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks