බලන්න

E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0379/ 2019 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 379/’18

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මීතොටමුල්ලට අමතරව, පළාත් පාලන ආයතන මඟින් බැහැර කර මේ වනවිට නිර්මාණය වී ඇති කසළ කඳු කවරේද;

                   (ii)      ඒවා අයත්වන පළාත් පාලන ආයතන කවරේද;

                 (iii)      වර්තමානයේ මෙම කසළ කඳුවල ඇති කසළ ප‍්‍රමාණය කොපමණද;

      (iv) මේවා අතර දැනට අවදානම් තත්ත්වයේ පවතින කසළ කඳු තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මෙවැනි කසළ කඳුවලට තවදුරටත් කසළ බැහැර කරමින් ඒවා වර්ධනය වීමට කටයුතු කරන්නේද;

      (ii) නොඑසේ නම්, ඒ සඳහා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කිසියම් වැඩපිළිවෙළක්  ආරම්භ කර තිබේද;

      (iii) මේ සඳහා දේශිය හා විදේශිය වශයෙන් ආයෝජන ලබා ගැනීමේ වැඩසටහනක් තිබේද;

      (iv) එසේ නම්,  ඒවා කවරේද;

      (v) මේ වනවිට යම් වැඩසටහනක් ආරම්භ කර තිබේ නම්, එහි ප‍්‍රගතිය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කසළ බැහැර කිරීමේ වැඩ පිළිවෙළ : දේශීය සහ විදේශීය ආයෝජන

පිළිතුරු දුන් දිනය

2019-03-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks